(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා කමිටුව) ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් උත්තර දීගත නොහැකිව නිහඬව සිට ඇතැයි වාර්තා වේ.
කිසිදු සූදානමකින් තොරව පෙනී සිටීම ගැන කෝපා කමිටුව එම නිලධාරින්ට එහිදී අප්‍රසාදය පළ කළේය.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසුවේය. නිලධාරීන්ට ඒ ප්‍රශ්නයට උත්තර දීගත නොහැකිවිය.
එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව විමසූ අවස්ථාවේදී නිලධාරීන්ට ඒ ප්‍රශ්න සඳහාද පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිවුණු බව කෝපා කමිටුව පවසයි.
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ක්‍රීඩා ලොක්කෝ කෝපාවේදී ගොළු වෙති
කමල් Saturday, 09 September 2023 03:06 PM
මහජන මුදල් නාස්තිකරන කිසිදු ප්‍රථිඵලයක් නොමැති කෝප් කමිටුව නිලධාරීන්ව බය කරන්නේ වැඩි හිටියන්, කුඩා දරුවන් බය කරන ලෙසය. මෙම කමිටුව එම ශාලාවේ වායුසමනයට යන මුදලටත් වටිනාකමක් නොදෙන ක්‍රියාවක් සිදුකරයි...
Perakum Saturday, 09 September 2023 04:14 PM
ඔය කමිටු කාරයෝ අපේ සල්ලි සහ කාලය නාස්ති නොකර තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද? ඔය කමිටුවලින් මෙච්චර කාලෙකට වෙච්ච වැඩක් තියනවද? නිකං අපේ ලේ පුච්චනවා විතරයි…!
Pradeep Saturday, 09 September 2023 09:25 PM
ඔය කමිටුව කාලයයි මුදල් නාස්ති කිරීමක්