(පුෂ්පකුමාර ජයරත්න)
සෞඛ්‍යාරක්ෂිත උපදෙස් කඩවන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේදී පවත්වමින් තිබූ රථවාහන ලිඛිත පරීක්ෂණයක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මැදිහත් වීමෙන් අත්හිටවනු ලැබීය.
කිසියම් පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව පිහිටි කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය වෙත ගිය නගරාධිපතිවරයා පැමිණිල්ලට අදාළ කරුණු සොයා බලා එම අවස්ථාවේදීම පැවැත්වෙමින් තිබූ විභාගය අත්හිටුවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන සහකාර කොමසාරිස් චන්දිම බණ්ඩාර මහතාට දැනුම් දුන්නේය.
පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන ආකාරයට විශාල අපේක්ෂකයන් පිරිසක් යොදවා ලිඛිත විභාගය පවත්වමින් සිටි බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා "ලංකාදීපයට" පැවසීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුවත් කොරෝනා නීති කඩයි‘‘
විපරමා Friday, 30 April 2021 09:28 AM
මේ ආයතනයේ අය කොහොමටත් නීතියට පිටින් වැඩ කරලා පළපුරුදු උදවියනේ?
අනුර ජයන්ත දිසානායක Saturday, 01 May 2021 02:35 AM
පවතින තත්ත්වය ගැන අවබෝධයක් නැති නිලධාරින්...