(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කුරුණෑගල මවක් දරුවන් සිව් දෙනකු බිහි කළාය.
කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි 30 මවක් එසේ සිව් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැණු දරුවකු ඇය බිහි කළාය.
දරුවන්ගේ මව පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් සේවය කරන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එම සිව් නිවුන් දරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ .
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා පවසා සිටියේ දරුවන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් විනාඩි 10 ක පමණ කාල පරතරයක් අතරතුර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් පිටතට ගත් බවයි .
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කුරුණෑගල මවකට අවුරුද්දේ ලොකු තෑග්ගක්
ගමේ එකාලා Monday, 17 April 2023 04:41 PM
දොස්තර මහතා ඇතුලුව සහයෝගය දීපු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය පුදකරනවා. මවටත් දරුවන්ටත් සියලු දෙවිපිහිට සහ ආරක්ෂාව ලැබේවා...!
Lalla Monday, 17 April 2023 05:24 PM
මේ යුවලට නම් දරුවන් වෙනුවෙන් උපකාර අවශ්‍ය වෙනවා. උපකාර කළ යුතුයි.
අරුණ Monday, 17 April 2023 06:31 PM
කිසිම ආගමික මතවාදයක් පොඩි දරුවන්ගේ මනසට බලහත්කාරයෙන් කාවද්දන්න එපා !
Nihal Monday, 17 April 2023 09:56 PM
දෙමාපියන්ට,දරුවන්ට නිරෝගි සුවය වාසනාව පතමි
Don Tuesday, 18 April 2023 08:19 AM
ඉතාමත්ම සතුටුයි .දෙවි පිහිටයි ඔබ සියලු දෙනාටම .මෙවැනි අවස්තාවල මේ වගේ පවුල් වලට රජයෙන් විශේෂ රැකවරණයක් සලස්වා දිය යුතුයි .මේ දරුවන්ගේ පාසල් ගමන අවසන් වන තෙක්