(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කළේය.
විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසැළකා ඇතැයි සඳහන් කරමින් මෙම මුලික මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අසාධාරණකම් වලට හැකියාව ඇති බවද පෙන්වා දෙමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ සේවා කොමිසම, එහි සාමාජිකයන්, එහි ලේකම්වරයා, නීතීපතිවරයා සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇතුළු මහෙස්ත්‍රාත්වරුන් 46 දෙනෙකු නම් කර ඇත.
නීතීඥ සංජීව කළුආරච්චි මහතා සිය පෙත්සම ගොනු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු සහ ෆීජි රාජ්‍යයේ සේවය කර ඇති කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා 2004 වර්ෂයේදී නීතීඥවරයකු වශයෙන් පත්වු තමන් 2008 වර්ෂයේදී අධිකරණ නිලධාරියකු වශයෙන් තේරී පත්වු බව සඳහන් කර ඇත.
2008 වර්ෂයේ සිට මේ දක්වාම ලංකාවේ විවිධ අධිකරණ වල සේවය කර ඇති තමන් අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව ෆීජි රාජ්‍යයේ විනිසුරුවරයකු වශයෙන් සේවය කළ බවද එහි සේවා කාලය අවසන්ව යළි ලංකාවට පැමිණ විවිධ අධිකරණ වල සේවය කළ බවද සඳහන් කරන බන්ධුල ගුණරත්න මහතා අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව විදේශ රටවල සේවය කළ වෙනත් විනිසුරුවරුන්ට සේවා අඛණ්ඩතාවය සැළකිල්ලට ගතු ලැබුවත් තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර නොගත් බව සඳහන් කර ඇත.
තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගන්නා ලෙස තමන් අවස්ථා කිහිපයකදීම අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීම් කළත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් විදේශිය සේවා කාලය ගණන් නොගැනීම හේතූවෙන් තමන්ට වඩා කණිෂ්ඨ නිලධාරීන් තමන්ගේ සේවා කාලයට වඩා වැඩි සේවා කාලයක් ගණනයය කිරීම නිසා තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වීමෙන් තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවත් සඳහන් කරන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසළකා හැර ඇතැයි පෙන්වා දී ඇත.
සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අධිකරණ නිලධාරීන් අසාධාරණකම් වලට ලක්වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා සිටී.
තම පෙත්සම විභාග කර තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා තම පෙත්සම විභාග කිරීමට අවසර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක්
සුධීර Monday, 02 September 2024 03:44 AM
අභීතව විනිශ්චය දෙන ජනතාව ආදරය කරන අනතිමානි නඩුකාරතුමෙක්. දේශපාලුවෝ එතුමා එක්ක තරහයි. උසස්වීම් නොදෙන්න හේතුව එය වියයුතුයි. දේශපාලුවන්ගේ උදහසට ලක්වෙලා එතුමාට දඬුවම් මාරු ලැබුනා කියලා නීතිවේදි අපි දන්නවා.
S,p,bandara Wednesday, 04 September 2024 11:51 AM
ඔය උසාවි වල නඩු කල්දාලා මිනිස්සුගෙ අයිතිවාසිකම් නොවේ ඇදන් ඉන්න රෙද්දත් නැතිවෙලා තියෙන්නෙ.නඩුවක් දැම්මාම උත්තර බදින්න තුන් පාරක් මාස තුන ගානෙ කල්දෙනවා.ඊට අමතරව පස් වතාවක් දින ගත් නඩු තියෙනව.වචනයක් නැතිව අවු 1හමාරක් එතැනම ඉවරයි.නීතීවේදියො එහෙම බෑ තුන්පාරයි කියනවා.ඒත් නඩුකාරයා 5ස් වතාවක් කල් දෙනවා.මේ කොමිසම විතරක් නෙමේ උසාවි ක්‍රමයම කනපිට ගස්සවන්න ඕන.මාලිමාවට ජය.