IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කුරුන්දිය ගැන බුද්ධ ශාසනයෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම  පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ මාධ්‍ය,තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට  යෝජනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බවයි.

එබැවින්  මෙම භුමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිති  බවද  ඔහු සඳහන් කළේය.

මේ අතර උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන  ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කුරුන්දි රජමහ විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට විසඳුම් ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය  යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභාවට මෙහිදී ඉදිරිපත් කළේය.

ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්ද  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ පසුගිය 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත්වන බවයි.

ජී.පී.එස්  තාක්ෂණය ඔස්සේ හඳුනාගත් ස්මාරක පදනම් කරගනිමින් මෙම භුමි ප්‍රමාණය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කළ බවත්  මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශය තව දුරටත් තහවුරු කරගැනීම  සඳහා  විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සුදානමින් පවසුවන බවත්  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය  සඳහන් කළාය.

එම ගවේෂණ කටයුතු මාස හයක් තුළ සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය  එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන ඒ  ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමටත්  අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.

එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භුමිය මුලික කරගත් ආකෘතියට ගොඩ නැගිය යුතු බව කමිටු සාමාජිකයෝ  පැවසුහ.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ  පුද්ගලයන්ට අහිමිවන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව අමාත්‍යාංශ ප්‍රධානීහු පැවසූහ.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ජා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් එම කමිටු හමුවට කැඳවනු ලැබූහ.

මේ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමි,  ජයන්ත කැටගොඩ,  එම්.රමේෂ්වරන්, සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ද  කාරක සභා සභාපතිවරුන්ගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන,  චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ද ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (8)

කුරුන්දිය ගැන බුද්ධ ශාසනයෙන් යෝජනාවක්

විජිත් Wednesday, 27 September 2023 04:38 PM

තවත් පන්සල් ,පල්ලි කෝවිල් හදන්න යෝජනාවක් ? මොඩයිනේ දැන් ඇති ඔය මගුල් හැදිල්ල !!! රටේ මිනිස්සුන්ට එක එක පාට කන්නාඩි දාලා බලන්න පුරුදු කරපු කාලය දැන්වත් නවත්වන්න.ඔය එකකින්වත් මේ රටට යහපතක් වෙලා නැහැ.සිදුවෙලා තියෙන්නේ ජාතින් අතර කුලල්කාගැනීම පමණයි.

:       2       1

fairoos Wednesday, 27 September 2023 04:39 PM

ඔක්කොමලා හොඳයි හැබැයි සරත් වීරසේකර කියන්නේ රට බංකොලොත් කරපු ගෝටාභයාගේ අත කොලුවෙක්

:       1       1

මංගල Wednesday, 27 September 2023 06:57 PM

දැන් බෙෳද්ධයන්ට ලංකාවේ තියෙන කෝවිල්වල පැත්තකින් පන්සල් හදාගන්නත් ඉඩදෙනවද? අනේ හැබෑට මෙහෙමත් එක එකාට කප්පම් දෙන රටක්.

:       0       2

දේශබන්ජෙදු දේශමාන්‍ය ජේ ඒ එච් ජයකොඩි Thursday, 28 September 2023 03:14 AM

⁣01. බුද්ධ ශාසන අමාත්‍යංශ කමිටුව වෙතින් ගෙන ඇති යෝජනව වැදගත් තිරණය කි. 02 , අදාල ස්ථාණයේ වාරි ඇල මාර්ගයට වම් පස සියළු ඉඩම් රජය සතු ඉඩමකි. එම කොටස් රක්ෂිතයට අයත් වුවත් කිප දෙනකු එක්ව අක්කර 05 ට වැඩි ප්‍රමාණයක් අස්සද්ධා ඇත. 03. එම කිප දෙනාට වෙනත් පස්ථාණයන් වෙත වි ගොවිතැන් කටයුතු සදහා රජය වෙතින් ඉඩම් ලබාදි ඇද්ද යන්න කමිටුව වෙතින් නරික්ෂණය කල යුතු වේ. 04.. ඔවුන් අනවසරයෙන් අස්සද්දන ලද ඉඩම් මැදින් කුරුන්දු විහාරයේ ගැටළු පැවතිමට පෙර සියළු පාක්ෂ්වය සාකච්චාකර පුරා වි්‍යා නිළධාරින් සමග එක්ව පුරා විද්‍යා මායිම් ලකුණු කොට මායිම් ගල් යොදා ඇත. 05. නැවත එම මායිම් ගල් එම ස්ථාණයේ ඇති කුරුදු විහාරයට ගමන්කරන ලද අතුරු ප්‍රධාණ මාර්යෙන් විහාරයට හැරෙන ස්ථාණයේ සිට වම් පස පටන් ගන්න ස්ථාණයේ වංගුව සිට වාරි ඇල මාර්ගයේ වම් පස සිට එය රක්ෂිතය ලෙස නම් කල යුතුය.

:       0       0

සනත් ප්‍රනාන්දු Thursday, 28 September 2023 05:28 AM

ශ්‍රී ලන්කා වේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය නිට්ටාවට සුව කිරීමට .74% ක් සිංහල භාශාව කතා කරන ජනතාව පදිංචි කිරීමට පියවර ගන්න .18% ක් සිංහල හා දෙමළ ජනතාව පදිංචි කිරීමට පියවර ගන්න . උතුරු නැගෙනහිර දේශිය නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්න .කෘෂිකර්මාන්ත කිරීමට හැකියාවක් ඇති පුද්ගලයන් ට අවශ්‍ය පරිදි ඉඩම් ජලය උපකරණ උපදෙස් පොහොර ගබඩා නොමිලේ රජයෙන් දීමට පියවර ගන්න .

:       0       2

සනත් ප්‍රනාන්දු Thursday, 28 September 2023 05:34 AM

ජ්‍යාත්තන්තර ව්ශ්වව්ද්‍යලය ජ්‍යාත්තන්තර තාක්ෂණික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්න .ජාත්‍යන්තර විශ්වවිද්‍යාල එම ව්දේශීය රාජ්‍ය ආයතන වලින් ආරම්භ කිරීමට පියවර ගන්න .ශ්‍රී ලන්කා රජයෙන් සියලු යට්තල පහසුකම් ලබා දීමට පියවර ගන්න .ශ්‍රී ලන්කා වේ පර්චස් 60 ට අඩු පුද්ගලික ඉඩම් දීර්ඝකාලීන බදු හෝ කුළිය ට ව්දේශීය රට වල ට දීමට පියවර ගන්න .ජාත්‍යන්තර ම්ළ ඉදිරිපත් කර ඇත . කොළඹ ආර්තික කලාපයේ සෑදීම ට පියවර ගන්න .

:       0       1

wije Thursday, 28 September 2023 10:40 AM

එහෙම දෙනවානම් ඒ සමානුපාතිකව ඉන්න හැම ජන ෙකොටසකටම ඉඩම් දෙන්න යෝජනා කරන්න.. නැත්තං ජයශ්‍රීමහා බෝධිය ලගත් මුං වකා කරන්න ගනි. කොහොමත් දැන් ඉන්න ජනාධිපති ගෙ කොන්ද පණ නැති නිසා මෙවට හා කියල යෝජනා කරපු උන්ට උසස්වීමුත් දෙනවා. පිරිමිකමක් නැති ජනාධිපතිලා ඉන්නකොට ඔහොමයි.

:       0       2

චන්ද්‍ර ජනකුමාර Thursday, 28 September 2023 05:27 PM

ජයසිරිමා බෝධියත් පූජා කරලා මේ අයට ගෙවල් හදා ගන්ට දෙන්න... කොන්දක් නැති නායකයෝ ඉන්න රටවල් වලට වෙන හෙනේ සහ සිංහලයෝ තවදුරටත් ඉවසිය යුතුද? ජාතියේ මුර දේවතාවා වී8 එකට හැප්පිලා ද? වහාම සිංහලයන් උතුරේ පදිංචි කරනු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 3351 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1002 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 318 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2043 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1933 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 606 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site