(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි හෙල්මටයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත.
භාවිතයට වඩාත් පහසු සහ පරිසර හිතකාමී මෙම හෙල්මටය ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කර ඇති අතර එය මුහුණු ආවරණ, ඇස් ආවරණ ආදී සියල්ල වෙනුවට භාවිත කළ හැකි බව එම විශ්ව විද්‍යාලය පවසයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මියගේ සහ එම අධ්‍යයනාංශයේ විද්‍යාවේදී විශේෂ උපාධිධාරියකු වන අකිල ලංසාකාර මහතා එක්ව මෙය නිෂ්පාදනය කර ඇත.
වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන මුඛ ආවරණ සහ මුහුණු ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම නිසා සිදු වන උග්‍ර පරිසර අර්බුදයට විකල්පයක් ලෙස මෙම හෙල්මටය නිෂ්පාදනය කළ බව ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය පැවසුවාය.
හෙල්මටයේ පසුපස කොටස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් සහ ෆයිබර් කෙඳිවලින් නිෂ්පාදනය කර ඇති අතර එහි ඉදිරිපස විනිවිද පෙනෙන සේ සකසා ඇත. ඇතුළත ඇති වායු ඉවත් කිරීම සඳහා හෙල්මටයේ හිසෙහි බැටරි වලින් දිවෙන කුඩා පංකාවක් සවි කර ඇති අතර බොත්තමකින් ක්‍රියා කළ හැකි එහි බැටරිය පැය 08ක ආයු කාලයකින් යුක්තය. එම බැටරි අවශ්‍ය නම් යළි පණ ගැන්විය හැකි අතර බැටරි මාරු කිරීමේ හැකියාව ද ඇත.
එමෙන්ම ආශ්වාස කෙරෙන වායුව පිරිසිදු කිරීම සඳහා පෙරහන් තුනක් ඇති අතර හෙල්මටය ඇතුළෙහි සැකැස්ම ස්පොන්ජිමය දාරයක් සහිතව හිසට මනා ලෙස ගැළපෙන අයුරිත් නිර්මාණය කර ඇත. විෂ බීජ ඇතුළු වීම සම්පුර්ණයෙන් වළකන මෙම හෙල්මටයේ වායුව ඉවත් කිරීමේ තාක්ෂණය නිසා ඇස් කණ්ණාඩි පළඳින්නන්ට වායු පටල රැඳීමේ ගැටලුවෙන් මිදිය හැකි බව ද රංගිකා බණ්ඩාර මහත්මිය කීවාය.
දෙකෙළවර ඇති බ්ලූටූත් තාක්ෂණික උපාංග නිසා දුරකථන ඇමතුමක් සමඟ වුවද සම්බන්ධ විය හැකි අතර මීටරයක් දුරින් සිටිනා අයෙකුගේ ශරීර උෂ්ණත්වය සන්නිවේදනය කරන මැනුම් උපාංගයක් ද මෙහි සවි කර ඇත. එම සියලුම පහසුකම් බොත්තම් මගින් ක්‍රියා කරවීමේ සහ ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඇත. ඉදිරිපස කොටස විවෘත කිරීමේ හැකියාවකින් යුක්ත මෙම සැහැල්ලු හෙල්මටය විවිධ වර්ණයන්ගෙන් නිෂ්පාදනය කළ හැකි බව ද ඇය පැවසුවාය.
එසේම හෙල්මටය ඉදිරිපස අනන්‍යතාව තහවුරු කෙරෙන කේතයකින් ද යුක්ත වන නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු නොවන බවත්, හෙල්මට් ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරෙන අතර එකක පිරිවැය රුපියල් 10000 ක් පමණ බවත් ආචාර්යවරිය පැවසුවාය.
මෙම හෙල්මටයේ මූලික රාමුව සකස් කිරීමේදී දායකත්වය දුන් හෙල්මට් නිෂ්පාදන ආයතනයක් වන උපකෝ ආයතනය නන් අයුරින් සහය දුන් අකිලගේ සොහොයුරා වන කවින්ද ප්‍රභාත්, ඔහුගේ මිතුරකු වන ළහිරු නිමෙෂ්ක යන අය ද මේ මොහොතේ සිහිපත් කළ යුතු බව රංගිකා බණ්ඩාර මහත්මිය කීවාය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනාවෙන් බේරෙන්න කැලණියෙන් හෙල්මටයක්
mangalika sibera Tuesday, 04 May 2021 10:00 PM
ශ්‍රී ලංකාවේ ඉතා හොඳ අයිතමයන් මිලදී ගත හැකි ස්ථානයකි. සියලු විස්තර මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න. එවිට අපට මෙය මිලදී ගත හැකිය. මෙම අයිතම ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා හොඳය.
senaka Wednesday, 05 May 2021 12:54 AM
විශ්වවිද්‍යාලයෙ උන්නට ප්‍රායෝගික දැණුම බිංදුවයි.නිෂ්පාදන පිරිවැය රුපියල් 10000 නම් ඕක අලෙවි කරන්නෙ කීයටද?හෙල්මට් එකක් දාගෙන ඉන්න එක ප්‍රායෝගිකද? අනේ මන්ද මෙහෙමත් උගත්තු නම්..
LahiruWednesday, 05 May 2021 02:50 AM
සේනක වගේ අය හින්ද තමයි මේ රට හදන්න බැරි. රාජකාරී කරන අය කොහොම හරි හෙල්මට් දාලා හරි බේර ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. ඒ මිනිස්සු අපි වෙනුවෙන් කොච්චර රිස්ක් එකක්ද ගන්නේ.
RaveendraWednesday, 05 May 2021 02:56 AM
ඔබගේ අදහස් පිලිබදව කනගාටු වන්නෙමු. මේ දරුවන්ගේ නිර්මාණයේ යම් යම් අඩුපාඩුකම් ඇතිවිය හැක එනමුත් එම නිර්මාණය අගය කරම්න් ඔවුන්ව දිරිගැන්වීම වැඩිහිටි පුරවැසියන් වන අපගේ වගකීම නොවේද?
රමණීWednesday, 05 May 2021 03:40 AM
ගන්න පුළුවන් අය හරි අරගනිවිනෙ. ඇයි මේ වගේ හැම දෙයක්ම ගැන පහත් කොට සලකන්නේ. අනික මේ හෙල්මට් එක පේටන්ට් කරන්න පුළුවන් වුනොත් පිටරට අරින්න වුනත් පුළුවන් වෙයි.
LalWednesday, 05 May 2021 05:22 AM
සේනක - මෙන්න නියම සිරි ලාන්කිකයෝ....කතාව සහ විවේචනය විතරයි වැඩ නෑ
dr h.aj.p.wijenayaka Wednesday, 05 May 2021 01:00 AM
ඉතාම හොද වැඩක් සුබපතනවා ඔයාලා සැමට
T.S AMATH Wednesday, 05 May 2021 02:44 AM
මට එකක් ගන්න ඕන කොහොමද ගන්නේ
jagath Wednesday, 05 May 2021 04:33 AM
රට දියුණු කරනවා නම් ඔන අපේ දේශීය මොල, ඉතාමත්ම අගය කළ යුතු දෙයක්. පෙනෙන විදිහට නම් ජාත්‍යන්තර වෙළදපළට යවන්න පුළුවන් නිෂ්පාදනයක් වගේ. මෙ නිෂ්පාදනය ගොඩක්ම වැදගත් වෙවි ප්‍රසිද්ධ සේවා වලට. නාතරම ජනතාව සමග දෛනිකව ගැවසෙන අයට, සෞඛ්‍ය සේවකයන්ට සුපර් මාකට් එකක සේවකයන්ට, බස් කොන්දොස්තර කෙනෙක්ට., බැංකු සේවකයන්ට, ටිකට් කවුන්ටර් වල අයට....