(නිමල කොඩිතුවක්කු)
පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක්‍රියා පිළිවෙතකට මාරුවීම ආණ්ඩුව වහාම කළ යුතු බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. බරපතල වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත.
පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළඳපොල තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටී.
ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත" යැයි ද එහි සඳහන් වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“කොරෝනාවෙන් මෙන්ම ජනතාවට ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලා’’
Perera Wednesday, 11 August 2021 12:54 PM
ආණ්ඩුවෙන් විතරක් නෙමේ .ජනතාවට හැම දේශපලුවෙකුගෙන්ම ආරක්ෂා වෙන්නේ වෙලා තියෙන්නේ
මුණසිංහ Wednesday, 11 August 2021 03:14 PM
ඇත්ත , අපිට දැන් විපක්ෂයෙනුත් ආරක්ෂා වෙන්න වෙලා.
siripala Wednesday, 11 August 2021 04:30 PM
සජිත්ට දෙවන එන්නත ගන්න තව සති කීපයක් තිබෙනවා
මහසෙන් Wednesday, 11 August 2021 01:03 PM
අවසන් පුරවැසියත් එන්නත ලබා ගන්නා තුරු එන්නත ලබා නොගන්නා බව පැවසු අපේ කාලයේ වීරයා නේ ද මේ. කොරෝනාවෙන් පමනක් නෙවේ දේශපාලු වසංගතෙනුත් බේරෙන්න වෙලා තියේනනේ පාට පක්ශ නැතුව.කියන්නන් වාලේ නොකියා මේ මොහොතේ විය යුතු දේ වෙනුවෙන් පුලුවන් නම් පෙනි ඉන්නවලා
RaveendraWednesday, 11 August 2021 01:53 PM
කෙනෙකුට මොන දේ ලබාදුන්නත් ඥාණය ලබාදෙන්න බැහැ යන පැරණි කියමන මුන්දෑ මනා ලෙස ඔප්පු කර ඇත. එසේවුවත් අපේ උගත් පුතානෝට විහිළු කරන්න එපා හොඳේ.. උන්දෑ ලෝකයේ තිබෙන සියලු විෂයයන් පිළිබඳව කෙල පැමිණි අප රට සිටින එකම එක දේශපාලුවාය ...
කෝරාළගේ Wednesday, 11 August 2021 08:05 PM
මෙයා දන්න කෙහෙල්මලක් නැහැ. අපහාස කරන්න හොඳට දන්නවා. හැබැයි මෙහෙම හොඳ මිනිස්සුන්ට අපහාස කරන අයට යන්න වෙන්නේ කවදාහරි අපායේ තමයි. හොඳට මතක තියාගන්න.
kooralaThursday, 12 August 2021 07:19 AM
මේ වගේ විහිලු කතා කියන වහල්ලු ඉන්නකම් හොරුම තමයි බලයේ ඉන්නේ... විපක්ෂයකට බලයට එන්න ලැබෙන්නේ නැහැ.අපේ රට වලපල්ලට ගිහිල්ල තියෙන්නේ මේ බොරු අපහස කරලා චරිත ඝාතනය කරන වහල්ලු නිසා.
naleen Wednesday, 11 August 2021 01:26 PM
මේ මනුස්සයාගේ අඬන එක ජීවිතේට නවතින්නේ නැහැ. දවස පුරා අඬනවා. මිනිස්සුන්ව දැනුවත් කරලා මේකෙන් ගැලවෙන විදිහක් හිතුවා නම් හොඳ නැද්ද? ආණ්ඩුවේ අය එහෙන් අඬනවා.. මේ අය මෙහෙන් අඬනවා.
Raveendra Wednesday, 11 August 2021 01:26 PM
අනේද කියන්නේ? කට ඇරියොත් තමන් විතරයි ඔක්කොම හරියට කරන්නේ.. අනිත් අය එකෙකුටවත් කිසිඳු වැඩක් බැහැ.. මට තමයි සියල්ල පුළුවන්... මම බලයේ හිටියා නම් මේ මුකුත් නැහැ. නොදකින් මෙහෙමත් දේශපාලුවන්.. හැබැයි තමන්ට අයිති කුඹුරේ නියරවල් වල්වැදිලා... එනමුත් මම හෙන වැඩකාරයා... නොදකින් මෙවන් අය මහජනතාව අමාරුවේ වැටිලා ඉන්නකොට නොවිමසා විමසනවා ඡන්දෙ මට දෙනවා නේද කියලා...!!!
fairoosWednesday, 11 August 2021 02:49 PM
නුඹ වගේ වහල්ලු ඉන්නකන් රට හදන්න බෑ.
RaveendraWednesday, 11 August 2021 05:40 PM
"ඔබගේ" අදහස්වලට ගරු කරන්නෙමු. "ඔබට" දියවන්නාව පට්ටියේ 225න් කොටසක් හෝ වැදගත් ඇති... ඒ ඔබ වන්දනාමාන කරන අය වියහැක. එනමුත් අපට නම් දියවන්නාව පට්ටියේ 225 ම සතේකට වැදගත් නැත. එනමුත් කවුරුන් හරිදේ කරත් අප එය නිහතමානීව අගය කරන්නෙමු. එලෙසම කව්රුන් රටට අවැඩක් කරන්නේ නම් අප එයට නොබියවම විරුද්ධ වන්නෝය. ඒ අප මේ "එකෙකුගේවත්" පක්කලියන් නොවෙන බැවිනි. එනමුත් ඔබට එසේ කිරීමට නොහැකි බව "ඔබගේ වැදගත්" අදහස් වලින් මනා ලෙස පිලිබිඹු වන බැවිනි. "ඔබට ජය ප්‍රාර්ථනා" කරන්නෙමු...
BamunuarachchiFriday, 13 August 2021 02:03 PM
වැස්සට නැවතිලා උළුවහු වෙනස් කරන්න හදනවා. ගම්මිරිස් හොයා ගත්තානම් යන්න හලෝ. අපිට පව් නොදී...
වාසුදේව Wednesday, 11 August 2021 07:27 PM
විපක්ෂනායකතුමා මොනතරම් හොඳ දෙයක් කිව්වත් මෙයා සේරම අවුල් කරනවා
ගලපර Wednesday, 11 August 2021 01:29 PM
විපක්ෂ නායකතුමා කියන කතාව ඇත්ත... භාණ්ඩ මිල ගැන නම් කියලා වැඩක් නැහැ. ගැසට් ගගහ, චක්‍රලේඛ ගගහා මොන විකාර සෙල්ලන් කරනවාද...? එ්ත් වෙළෙඳුන් මේ ගැසට්, චක්‍රලේඛ සත පහකට ගණන් ගන්නේ නැහැ. මොකද මේ මාෆියාව ආණ්ඩුව විහින්ම ඇතිකර ගත්ත දෙයක්. ඒ තරමටම ප්‍රායෝගික නොවන ගැසට් ගහලා ආණ්ඩුව වෙළෙඳුන්ට බාල්දුවෙලා ඉවරයි. ඉතින් දැන් මේකෙන් මිනිස්සු කරකියා ගන්න දෙයක් නැතුව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ...
SUNIL MILANO Wednesday, 11 August 2021 01:29 PM
මෙයා කට ඇරියොත් කියන්නේ තේරුමක් නැති කතාවක්... දැන දැනම ජනතාව නොමග යවනවා. කප්පරක් බොරු කියනවා. පන්සලට ගිහින් හාමුදුරුවන්ට වඳිනවා.. අනේද කියන්නේ...!
විපරමා Wednesday, 11 August 2021 05:48 PM
කොයි දේශපාලුවත් බලාගෙන ගියාම එකයි. කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවලා රවට්ටපු එකයි...
යාපා Wednesday, 11 August 2021 01:31 PM
ප්ලැකනිල් ගැහුවා නම් හරියයිද දන්නේ නෑ නේද? ලෝකයේ ඉන්න මෝඩම විපක්ෂ නායකයෙක් වෙලානේ..
අනිල් Wednesday, 11 August 2021 01:57 PM
ඇයි විපක්ෂයෙන්..., මෙලෝ රහක් නැති විපක්ෂය නඩත්තු කරන්නත් එපායෑ...
Nihal Wednesday, 11 August 2021 02:10 PM
ඔබ තුමාලා හිටියා නම්..? 100000ත් පැනලා...
Chinthaka Wednesday, 11 August 2021 02:19 PM
මෙහෙම කෙනෙක්ද ජනාධිපති වෙන්න බලන් ඉන්නේ..? කට ඇරියොත් විනාසයි..!!!
ranga Wednesday, 11 August 2021 03:09 PM
කවුද මේ මෝඩයා
ගමේ එකාලා Wednesday, 11 August 2021 03:52 PM
මොනවා උනත් මෙතුමා කියන කතාවේ ගත යුත්තකුත් තියෙනවා . .සදහටම හිරේට ගිය උන් නිදහස් වෙනවා. රටේ යුක්තිය නීතිය සාදරනණය නැතිවෙලා.බලලෝබී බඩගෝස්තරවාදි දූශිත දේශපාලුවෝ රජවෙලා .පවුල් පාලනයකට ගිය රටක් ?