(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5340 න් 5000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
ඊන් පුද්ගලයන්ගෙන් 177 දෙනකු පමණක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතැයි ද එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු ද මරණයට පත්වූ අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී මරණයට පත්වූ පුද්ගලයන්ට වෙනත් රෝගයක් හෝ කීපයක් තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොරෝනාවෙන් මිය ගිය බොහෝ අය කිසිදු එන්නතක් ලබාගෙන නෑ'
Nuwan Wednesday, 11 August 2021 11:43 AM
අනේ ඇත්තද මහත්තයෝ ?
මහසෙන් Wednesday, 11 August 2021 11:52 AM
හරි එතකොට ඔය එන්නත විදින්න පටන් ගත්තේ කවද්ද? එන්නත් දෙකම විදලත් ජීවිත අහිමි වුනේ ඇයි? මේ රටේ මිනිස්සු තණකොළ කාලා පුන්නක්කු බොනවා කියලද හිතන් ඉන්නේ ඕවා පිළිගන්න...
උපාලි Wednesday, 11 August 2021 12:14 PM
හරියටම හරි. හොඳට කිව්වා
akaWednesday, 11 August 2021 12:49 PM
එන්නත් වලින් අමරණීය වෙන්නෙ නැති නිසා. ඒකෙන් කරන්නෙ මැරෙන ඉඩකඩ සෑහෙන අඩු කිරීම. වෙනත් සෞඛ්‍ය ගැටළු, වයස බලපානවා. අවශ්‍ය නම් එන්නත් දෙකම සමහර පලාත්වල ගහගන්න තිබ්බා. නමුත් පන්ඩිතකම, බොරු විශ්වාස, හොද එන්නත් එනකම් බලාගෙන ඉදීම නිසා බස්නාහිර පලාතෙත් දාස් ගානක් ගහගත්තෙ නෑ. වහන් ඉන්න බැරි මේ යන විදිහට මේ ලෙඩේ දශක ගනනාවක් පවතීවි.
SarasiWednesday, 11 August 2021 03:32 PM
ඔව් .හරියට මෙයාලා දුන්නා මිනිස්සු ගත්තේ නෑ වගේ කතාව ..එන්නත් අපි දුන්නේ නෑ හරියට කිව්වොත් තමා හරි ... දවසෙන් චන්දෙ දාගන්නේ කොහොමද ඒ වගේ එන්නත් එන විදිහට දෙන්න තිබුණේ . කොහෙද කොටන කුකුලා වගේ මුලදී ගැහුවේ. දැන් තමා හමුදාව දෙන නිසා ක්‍රමවත් .
lakshitha ramasingha Wednesday, 11 August 2021 12:15 PM
palakayo danaganna one kalata welawata mahajanayata ewa laba denna.chande vitharak balagena wada kalata hariyanne naha.ohelatatath ohoma atha pihidagena iwara wenne nahe.jathi jathi ipadena athmayak gane patisan denawa.hodata hitapu minissu amu amuwe mara dammata. thamusela ta kiyanna thibuna karana vidiya ahanne nathinam thanathurata lobakame inne nathiwa ayin wenna thibuna.thamuselatath oya sape wavinawa.balagena inna. පාලකයෝ දැනගන්න ඕනේ කලට වෙලාවට මහජනයාට ඒවා ලබා දෙන්න .චන්දේ විතරක් බලාගෙන වැඩ කලාට හරි යන්නේ නැහැ .ඔහෙලාටත් ඔහොම අත පිහදාගෙන ඉවර වෙන්නේ නැහැ . ජාති ජාති ඉපදෙන ආත්මයක් ගානේ පඩිසන් දෙනවා .හොඳට හිටපු මිනිස්සු අමු අමුවේ මරා දැම්මාට .තමුසෙලාට කියන්න තිබුනා කරන විදිය. අහන්නේ නැතිනම් තනතුරට ලෝබකමේ ඉන්නේ නැතිව අයින් වෙන්න තිබුනා .තමුසෙලටත් ඔය සාපේ වදිනවා .බලාගෙන ඉන්න
fairoosWednesday, 11 August 2021 01:33 PM
අනිවාර්යයෙන්,මේ අයට ස්වභාවදහමින් පඩිසන් ලැබෙනවා
සාමාන්‍ය දැනීම Wednesday, 11 August 2021 12:33 PM
එන්නත් ගැසූ 340 මැරෙන්න ඇත්තේ එන්නත් ගසා ප්‍රතිදේහ ගොඩනැගීමට අවශ්‍ය කාලය ඇති තරම් නොලැබුනු නිසා විය හැකියි. හොද වෙලාවට සෞඛ්‍ය ඇමතිනි නැතිව චන්න ජයසුමන මහතා මෙය නියාමනය කරන්නෙ. ඇමතිනි රටටම විහිළුවක් වූ බව නොකියා බැහැ.
chathuriWednesday, 11 August 2021 03:24 PM
චන්න ජයසුමන කියන මහාචාර්යවරයා වැඩගන්නේ නාථ දෙවියන්ගේන්ලු.
MISHAL-MATARA Wednesday, 11 August 2021 12:35 PM
ඔය පැණිය ප්‍රමෝට් කරනකොට ඔහොම කිව්වේ නෑනේ..!!!
Ratne Wednesday, 11 August 2021 12:38 PM
පළමු තැන ප්‍රභාට, දෙවැනි තැන ගෝඨාට...!!!
Nuwan Wednesday, 11 August 2021 01:11 PM
ඔය කියන්නේ කලින් එන්නත් කලානම් මිනිස්සු මැරෙන්නේ නැහැ කියලානේ .කලින්ම එන්නත් ගේන්න කිවුවාම ඕනේ නැහැ කිව්වේ ආණ්ඩුවනේ .එතකොට ආණ්ඩුව වග කියන්න ඕනේ මේ මරණ වලට
Sir lanka Wednesday, 11 August 2021 01:18 PM
එන්නත නම් ඕකට විසඳුම... ඕක ගහලා ඉවර කරන්නකෝ. දවසින් දවස කතාව මාරු කරන එකනේ කරන්නේ.
Ruwan R Wednesday, 11 August 2021 02:48 PM
පුදුම කරුමේ කියන්නේ, තව මාස 02කින් වත් පාස්කරන්න තියෙන දේ දැන් කරන්න ගිහින් මේ මිනිස්සු මියයනවා කියන එක මේ කාටවත් තේරෙන්නේ නැති හැටි.. එන්නත් 2 දීලා ඒවායේ ප්‍රතිශක්තිකරණය ඇති වෙනකම් ලෙඩේ බෝ වෙන එක නතර කරගන්න බලන්නේ නැතිව මේ මොන කුණුහරපද කියවන්නේ.? මෙතන තියෙන්නේ තනිකරම තීන්දු තීරණ ගැනීමේ වැරැද්දක්...
දිනේෂ් Thursday, 12 August 2021 08:30 AM
ඔය කතාව බොරු. 78 ක් මැරුන දවසට පමනක් 2 පාරක් ගහපු අය 7, 1පාරක් ගහපු අය 41 ක් හිටියා.