(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටපුරා විදුලි පාරිභෝගිකයන් විදුලිය පාවිච්චිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි හාර දහස් හාරසීයක පමණ මුදලක් පසුගිය කොවිඩ් සමයේදී ගෙවීම පැහැර හැර ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පුද්ගලයන්ට එම හිඟ මුදල් කොටස් වශයෙන් ගෙවීම සඳහා වසරක සහන කාල සීමාවක් ලබාදී ඇතැයි පැවසූ ලොකුගේ මහතා හිඟ වාරික ගෙවන අතරේ මාසික විදුලි බිල්පත අඛණ්ඩව ගෙවිය යුතු බවද සඳහන් කළේය.
මෙයට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද අමැතිවරයා පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විශාල පිරිසකගේ ආදායම් කොවිඩ් සමයේදී අහිමිවී ඇති හෙයින් විදුලි බිල සම්බන්ධයෙන් ඒ අයට කිසියම් සහනයක් ලබා දෙන්නේ දැයි මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
කොළඹ විදුලි පාරිභෝගිකයන් රැසකගේ නිවෙස්වල විදුලිය හිඟ විදුලි බිල්පත් හේතුවෙන් දැනටමත් විසන්ධි කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනාවෙන් විදුලි බලයත් හාන්සියි