(ඩයනා උදයංගනී)
අලුත් අවුරුදු සමයෙන් පසු මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රජය හා සෞඛ්‍ය අංශ මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙමින් ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එබැවින් මෙම තත්ත්වය වර්ධනයවීමට නොදී වළක්වාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
අලුත් අවුරුද්දට පෙරත් සෞඛ්‍ය අංශ හා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායත් මේ ගැන අනතුරු ඇඟවීම් කර තිබූ බව කී ඇමතිවරයා අවුරුදු සමයේ ඇතැම් ස්ථානවල සෞඛ්‍ය උපදෙස් කඩවූ බව ද සඳහන් කළේය.
මෙරට කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල මනාව පාලනය කරගත් සෞඛ්‍ය අංශයන්ට මෙම තත්ත්වය ද පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි රමේෂ් පතිරණ මහතා කීවේය.
රෝගය වැඩි වශයෙන් පැතිරුණු ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල මිලියනයක් පමණ මේ වන විට එන්නත්කරණයට ලක්කර තිබෙනවා. පැතිරීයාමේ අවදානම අඩු කර තිබෙන බවද හෙතෙම පැවසීය.
එන්නත් පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය තිබෙන නිසා ඒ ගැන බියවිය යුතු නැතැයි ද ඇමතිවරයා කීවේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘කොරෝනා අනියත බියක් ඇති කරගන්න එපා‘‘
පොඩි මල්ලි Tuesday, 20 April 2021 04:36 PM
ලෝකේ මිනිස්සු බහුතරයක් ස්වයං විනයක් නැති පිරිසක්.... මාස්ක් දාන්න, මිටර් එකේ දුර තියාගන්න මේවා පිළිපදින්නේ නෑ..ඒව ක්‍රියාත්මක කරන්න තමා ආණ්ඩු තියෙන්නේ,ඒ අදාළ අංශ තියෙන්නේ...මහා ලොකුවට මෙයාලා කියන්නේ අපි සෞඛ්‍ය අංශ කියන දේ තමා අහන්නේ කියලා...හැබැයි අර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු කොච්චර කීවත් මෙයාලා සතේකට අහන්නේ නෑ...ඇහුවානම් මෙහෙම වැඩි වෙන්නේ නෑ..ඔහේ මිනිස්සුන්ට හැසිරෙන්න දීලා නිකන් හිටියේ...දැන් කියනවා මිනිස්සු හරියට සෞඛ්‍ය නීති පිළිපද්දේ නෑ කියලා.. ඕක කියන්න ඔයාලා ඕන නෑ...එක ඔයාලා මොනිට කරන්න ඕන...නැත්තං රටකට ආණ්ඩු වැඩක් නෑ නේ..
andima Tuesday, 20 April 2021 06:00 PM
ඔයා ඉන්නකල් අපි මොකට බය වෙනවාද? ජාතියේ මුර දේවතාවරුන් කියනවා නේද?