ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය.
මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීය.
ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට
ජයරත්න Sunday, 15 March 2020 03:42 PM
කිව්වා නේද එකට දානකොට...? මේ මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනෑ කරපු වැඩේට...
අජුත්Sunday, 15 March 2020 07:31 PM
ප්ලේන් එකේ පැය ගණන් එකට එනවිට බෝවෙන්නේ නැතිද?
slMonday, 16 March 2020 01:36 AM
රටම වහලා, බිස්නස් ටික නැතිකරලා, මෝඩ චූන් ගන්නද කියන්නේ? සමහරවිට ආණ්ඩුවේ පින්පඩි ගන්න කෙනෙක් වෙන්න ඕනේ... පාට කණ්ණාඩියෙන් බලන්න එපා. නිරෝධායන මධ්‍යස්ථාන ඇතිකිරීම නිසා තමයි මෙතරම් වත් පාලනයක් තියෙන්නේ... ගොඩක් දේවල් කියන්න පුළුවන්... කරන්න තියෙන දේ කරද්දී වෙන බලපෑම ගැන හිතන්න මොලයක් තියෙන්න ඕනේ...
anuraMonday, 16 March 2020 01:54 AM
ඔහේට පුළුවන්ද මේ වැඩේ සම්පූර්ණයෙන් බාරගන්න..?
upali Sunday, 15 March 2020 04:17 PM
කන්දකාඩු කට්ටිය වෙනවෙනම දැම්මා නම් හොඳයි නේද?
Champa Sunday, 15 March 2020 04:38 PM
මේ ඔක්කොම කොරෝනා ලෙඩ්ඩු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දැනදැනම... හොඳ වෙච්ච ගමන් හිරේ දාන්න ඕනේ. කටුනායකදී බොරු රණ්ඩුවක් ඇද්දේ රට ඇතුළට කොරෝනා ගෙනියන්න වුවමනාවක් තියෙන හින්දා. වාහනවල ගියේ වීදුරු අරගෙන කොරෝනා බෝවෙන්නේ වාතය හරහා බව හොඳටම දැනගෙන... දැන් මේ ගොඩේ හිටපු අනිත් මිනිස්සුන්ටත් හැදෙන්න ඉඩ තියෙනවා. වහාම රට ඇතුළට මේ වගේ තව රෝගීන් එන එක නවත්තන්න ගුවන් තොටුපොළවල් වහන්න ඕනේ... කොරෝනා ගැන කතා කරන්න ඕනේ තැන කතා කරන්නේ ඡන්දෙ ගැන... තව පොළොන්නරුවේ හදිසි මරණයක් වෙලා තියෙනවා හුස්ම හිරවීමක්ලු... හරියට දන්නෙත් නැහැ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ජිනීවා ගිය සියලු පිරිස සහ ඔවුන් ඉන්ටරැක්ට් කල හැමෝවමත් දින 14ක් නිරෝධායනයකට ලක් කරන්න ඕනේ. ඒ ගොල්ලෝ ආපහු ආවේ පෙබරවාරි 29... දවස් 14ක් විෂබීජය ඇඟේ තිබිලා පවුලේ කෙනෙක්ට හැදුනේ මාර්තු 13... දින 14 තවදුරත් වලංගු නැහැ කියලා හිතන්න මේකම ඇති...
saranga pereraSunday, 15 March 2020 05:44 PM
ඔය ඔක්කෝටම කලින් " චම්පාව" නිරෝධායනය කරන්න ඕනෑ. ඔයාට තියෙන්නේ මොලේ අමාරුවක්... ලෙඩරෝග කියන ඒවා කියකියා එන්නේ නැහැ. ආපුවාම ඔබ කොහොමද ක්‍රියා කරන්නේ කියලත් ඔබට දැන් කියන්න බැහැ. මොනවා වුණත් ඔබට කිසිම අයිතියක් නැහැ.. රෝගී වුණු අයට චෝදනා එල්ල කරන්න. පත්තරයකට ලිපියක් ලියන්න කලින් එතික්ස් කියන ඒවා ගැනත් ඉගෙන ගන්න. කොහොමත් 5 පන්තිය පමණක් සමත් වට්ටිඅම්මා කෙනෙක් වගේ හැසිරෙන ඔබ දන්නේ මොන එතික්ස්ද ' නේද...?
ChampaMonday, 16 March 2020 03:55 AM
එතික්ස් කියන එකේ තේරුම දන්නවද? තමන්ට කොරෝනා තියෙන බව දැනගෙනම ලංකාවට ආපු මිනිස්සු, වැදගත්කම පැත්තකට දාමු, මනුස්සකම කියලා දෙයක් තිබ්බා නම් කරන්නේ කටුනායකදී ඒ බව හෙළි කරලා තමන්ගේ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ට කොරෝනා වැළඳෙන්නේ නැති වෙන්න වැඩකරන එක... අනිත් එක ආණ්ඩුවේ පලවෙනි වගකීම තමයි රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන එක. අනිත් ලෙඩයි කොරෝනා කියන ලෙඩෙයි අතරේ ලොකු වෙනසක් තියෙන බව මොලේ තියෙන ඕනේ කෙනෙකුට තේරෙනවා. කොරෝනා පැතිරෙන්නේ වාතය හරහා... ලෙඩ හැදෙන්නේ කියකියා නෙමෙයි බව ඇත්ත. හැබැයි මේ ඉතාලියේ ඉඳන් කොරෝනා ලංකාවට අරන් ආපු පිරිස වුවමනාවෙන්ම හිතාමතාම තමයි මේ ලෙඩේ ලංකාවේ මිනිස්සුන්ට බෝකරේ... ඒ ගොල්ලෝ එන්න ඉස්සෙල්ලා රෝගීන් 3 දෙනයි ආවට පස්සේ දැන් 19යි. අනිවාර්යයෙන්ම මොවුන්ට විරුද්ධව නීතියෙන් ක්‍රියා කරන්න ඕනේ මිනීමැරුම් චෝදනා යටතේ... ඒ වගේම ඔවුන් වුවමනාවෙන්ම ලෙඩ බෝ කරපු ලංකාවේ අනිත් සියලු දෙනාටම වන්දියක් ගෙවන්නත් නියම කරන්න ඕනේ...
බද්රානිMonday, 16 March 2020 02:00 PM
චම්පා ඕනෑවට වඩා උඩ පනින්න එපා. දන්නවනේ වෙන දේ? ඔබගේ මනස තුල පවතින අජීර්ණය, ලෝකෙට පහ කරන්න එපා. ගමේ කැලා පත්තර ගහනවා වගේ කියලා හිතුවද?
de silva Sunday, 15 March 2020 05:06 PM
කන්දකටුවේ වගේ ඔක්කොම කට්ටිය එකට දමලා නිරෝධනය කරන්න බැහැ.. හොඳම වැඩේ දැනට සංචාරකයින් නොමැති සංචාරක හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්න එක... ඒ වගේ කාමර වෙනවෙනම තිබෙන නිසා රෝගීන් සියල්ලටම බෝවීමක් මෙහිදී නොසිදුවේ..
නන්දසේනSunday, 15 March 2020 05:48 PM
සමහරක් මැදමූලනට ගිහින් දාන්නයි තිබුනේ...
samithaSunday, 15 March 2020 08:44 PM
මැද මූලනට මොකටද කොරෝනා..? මැදමූලන ඉස්පිරිතාලේ තියෙන්නේ මොලේ අමාරු කාරයින්ටනේ...
මුණසිංහMonday, 16 March 2020 01:41 AM
නන්දසේනත් කන්දකාඩුවට දාන්න වෙලා වගේ. ඉතාලි ඉඳන් ආවද? ඒ අය වගේ විකාර දොඩවනවා...!
anuraMonday, 16 March 2020 01:56 AM
ඒ ගමන් කොටසක් ඔහේගේ ගෙදරටත් ගෙනත් තියන්න පුළුවන්...
අයොට්ජ්Sunday, 15 March 2020 06:48 PM
ප්ලෙන් එකේ පැයගණන් එකට එනවිට බෝ වෙන්නේ නැතිද?
lankaSunday, 15 March 2020 11:30 PM
ප්ලේන් එකේ පැය ගණන්... මෙතන දවස් ගණන්... ඔක්කෝටම හැදිලා තමයි ඉවර වෙන්නේ දැන්... ප්ලේන් එකේ විවිධ තැන්වල වැසිකිලි තියෙනවා. මෙතන ඔක්කෝම යන්න ඕනෑ එකතැනට... දැන් ඉතින් කට්ටිය කියයි මේ ඔක්කොටම ඉතාලියේදීම කොරෝනා බෝ වෙලා තිබිලා තියෙන්නේ කියලා...
රොෂාන්Sunday, 15 March 2020 09:35 PM
මල්වානෙත් කාටවත් අයිති නැති ලොකු ගෙදරක් තියනවා...
shani Sunday, 15 March 2020 05:39 PM
ඔය කියන 7 දෙනා නේද එයාර්පෝර්ට් එකේදී චණ්ඩි පාර්ට් දැම්මේ..? කමක් නැහැ... නූගත්කමට මොනවා කරන්නද..? මේ අයව හොඳකරලා ඊට පස්සේ නඩුඅහලා වැරදි කාරයින් වුණොත් අවුරුදු 10කට බරපතල වැඩ ඇතිව කූඩුවට දමන්න. නිදහස් වුණොත් ඉතාලියට බාරදෙන්න මේ අයට විරුද්ධව එහෙදී නඩු අහන්න.. චෝදනාව කොරෝනා තිබෙන බව දැනදැනත් ඉතාලියෙන් පැන යාම.. සාමාන්‍යයෙන් මේ චෝදනාවට ඉතාලියේ අවුරුදු 5ක් විතර සිරදඬුවම්... ඒ වුණාට සිරකුඩුවේ නොවෙයි. නගර සභාව ප්‍රදේශයේ වැසිකිළි සේදීම, රෙදි ඇපිල්ලිම, ලෙඩ්ඩු නැහැවීම වැනි දේවල්... වැඩකරලා ඉවරවුණාම හවසට කූඩුවට යනවා.
ranaSunday, 15 March 2020 06:38 PM
දන්නා දෙයක් ලියන්න...!
shaniSunday, 15 March 2020 08:37 PM
මම ඉන්නේ ඉතාලියේ අවුරුදු 32ක්... මම මෙහෙ නීති හොඳට දන්නවා..!!! නිකම් මැදින් පනින්නේ නැතිව ඉන්න.
ranaSunday, 15 March 2020 06:55 PM
එපා එහෙත් කලේ... ඔය වීසා නැතිව සිටි ඈයෝ පව්නේ...!
rana Sunday, 15 March 2020 06:48 PM
ඔය සමහරු ඒ රටේ වීසා නැතිව හිටිය ඈයෝ වෙන්න ඇති... බයට මෙහෙට පනින්න ඇතිනේ...!
samanthaSunday, 15 March 2020 08:41 PM
ඉතාලියේ කවදාවත් වීසා ප්‍රශ්නයක් නැහැ. වීසා නැති අයට ඇවිල්ලා අවුරුද්දකින් විතර නේවාසික වීසා දෙනවා. එ් නිසා තමයි ලංකාවේ අය ඉතාලියට එන්නේ. රටට ඇතුල් වුනොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල තමයි වීසාගන්න අමාරුම...
Wca Sunday, 15 March 2020 07:16 PM
බොරුවට නටන්න එපා. කොයි රටේද නිරෝධායනයට ලක්වන අය වෙනවෙනම දාලා තියෙන්නේ. ඔය දඟලපු අය දැනගෙන හිටියා උණ තිබුණා කියලා.. අඩුගානේ මාස්ක් එකක් දාන්නවත් වගකීමක් නැති අයනේ...
balas Sunday, 15 March 2020 08:44 PM
දාන සමහර කමෙන්ට්ස්වලට හිනා නොවී නම් බැහැ. එක එක්කෙනා වෙනවෙනම දාන්න තියා නිරොධායන මධ්‍යස්ථාන දාන එකටත් විරුද්ධවුණු මිනිස්සු ඉන්න එකම රට ලංකාව. වෙනම කාමරවල දාන්න නම් ගෙවල් වලින් කාමර ගන්න වෙයි. හෝටල් පවරාගන්න වියදමට අමතරව එම හෝටල්වල වැඩ කරන්න කීදෙනෙක් කැමති වෙයිද...?
hama Sunday, 15 March 2020 10:30 PM
මේ අය බොහෝමයක් දින 2-3 තුළ රෝග ලක්ෂණ පෙන්නපු අය... එ් අනුව ඉතාලියේ සිට රෝගය ගෙනා අය, හමුදාව who නිර්දේශ අනුව නිරොධායනය කරනු ලබනවා...
මුණසිංහ Monday, 16 March 2020 01:44 AM
මේ සියලු දෙනා ඉතාලියෙන්ම ගෙනා දෑවැද්ද මේ... සමහරු කියනවා කන්දකාඩු දාපු නිසා හැදුණා කියලා... ඒක වැරැදියි. එතනට දාලා දවස් කීයද? මේ අය කෑගහපු විදයට ගෙවල්වලට ඇරියා නම් දැනට ලංකාවටම ව්‍යාප්ත වෙලා ඉවරයි...
de silva Monday, 16 March 2020 03:24 AM
වෙන් කරන්නේ නැතුව නිරෝධනය කරන්නේ කොහොමද? ඔක්කොම එකට දමලා තිබුණාම එක් කෙනෙකුට හැදිලා තිබුණොත් ඉන්න සියලුදෙනාටම හැදෙන්න පුළුවන් නේද? කරන්න පුළුවන් හොඳම දෙය ඔය දැනට වහලා දමලා තිබෙන සංචාරක හෝටල මේ නිරෝධන කටයුතු සඳහා පාවිච්චි කරන එක... ඒවගේ කාමර වෙනවෙනම තිබෙන නිසා ලෙඩේ බෝවීම අවම වන අතර, රට ඉඳලා එන මිනිස්සු ඒවාට යන්න එච්චර විරෝධයක් දක්වන එකක් නැහැ. නැතුව එක හෝල් එකක ඇඳන් 20-30 දමලා නිරෝධනය කරන්න ගියොත් කොරෝනා නොව වෙනත් ඊට වැඩිය භයානක බෝවෙන ලෙඩ රෝග අනිත් අයට බෝ වෙන්න පුළුවන්...
LapayaMonday, 16 March 2020 07:41 AM
සිල්වෝ, ඉඳගෙන ඉඳලා මොලේ තැලිලා වගේ... කොරියාවේ, ඉතාලියේ ඉඳලා ආපු කම්කරුවන්ට මෙහේ තරු 5 හෝටල් නැතිවම බැහැ වගේ. වෙනම කාමරයකුත් දීලා වෙනම එකකුත් ඉල්ලයි දවස් 14ට...
Akila Monday, 16 March 2020 06:36 AM
ඉතාලියේ ඉඳලා එන හැමෝම මෙහාට එන එක නවැත්තුවා නම් අපිට මේ ප්‍රශ්නේ ලෙඩ්ඩු සුළු ප්‍රමාණයකින් බේරගන්න තිබ්බා. ඉස්කෝල වහන්න, රැස්වීම නවත්තන්න මුකුත් ඕනේ නැහැ..