(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය කොරෝනා ආසාදිතයකු රෝහලේ ආරක්ෂකයන් සහ පොලිසිය එක්ව අල්ලා ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මාතර,උයන මාවත, ධර්මරතන මාවතේ පදිංචි (43) හැවිරිදි මෙම රෝගියා කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර එවූ රෝගියකු බව පොලීසිය කියයි .
හෝමාගම රෝහලේ තුනේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් කොරෝනා ආසාදිතයා අද උදෑසන රෝහලේ ගේට්ටුවෙන් පිටව යද්දී ආරක්ෂක නිලධාරීන් දැක,වහා ක්‍රියාත්මක වී පොලීසිය හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව අල්ලාගත් බව පැවසේ .
ඒ රෝහලේ සිට මීටරයක් පනහක් පමණ දුරින් පිහිටි වෙළෙඳ සලක් අසල රැඳී සිටියදී බව පොලිසිය කියයි.
පසුව රෝහල් බලධාරීන් මැදිහත් වී රෝගියා රැඳී සිටි ස්ථානයට ගිලන් රථයක් යවා රෝගියා නැවත රෝහලට ගෙනවිත් තුනේ වාට්ටුවට ඇතුළත් කළ බව කියයි .
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා ආසාදිතයා රෝහලෙන් පැන යද්දී අල්ලයි