(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එම එන්නත් ප්‍රමාණය ලබා දෙන අතරතුර අලුතින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත් තොගයත්,කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් තොගයකුත් ලැබීමට නියමිත බැවින් කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වැනිදා ලබාදෙන විට දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතව තිබුනේ සති හතරකට පසුව වුවත් නව පර්යේෂණ වල තොරතුරු වලට අනුව දෙවන මාත්‍රාව දිය යුතු කාලය සති 10- 12 අතර කාලයකට කල් දැමීමට හැකියාව පවතින බව තහවුරු වී තිබෙන බවද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
කොරෝනා දෙවැනි මාත්‍රාව දීම සම්බන්ධයෙන් රජයේ ඇති සූදානම කෙබඳුදැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා(සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සූදානම්‘‘