(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා තුන්වැනි රැල්ලේ අවසානය පෙනෙන මානයට පැමිණ ඇතැයි කොවිඩ්19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
රට විවෘත කිරීම සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තුවන සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
රටෙන් දෛනිකව වාර්තාවවන ආසාදිතයන් සංඛ්‍යාව 1300 සීමාවට ළඟා වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට හතළිහ දක්වා අඩුවී ඇතැයිද පැවැසුවේය.
මේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු සාධකය එන්නත්කරණය බවත් රටේ එන්නත්කරණය ලෝකයේ වෙනත් රටවල් අභිබවා යමින් ඉතා වේගවත් ආකාරයකට සිදුකෙරෙමින් පවතින බවත් තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගතය හමුවේ බොහෝ ජනතාව සිය සමාජ වගකීම මනා ලෙස ඉටු කිරීම කොරෝනා පැතිරීම පාලනයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව බව පැවසු අන්වර් හම්දානි මහතා එසේ සමාජ වගකීම ඉටු කළ ජනතාවට තමා ප්‍රශංසාව පුද කරන බවද පැවසුවේය.
රට විවෘත කළ පසුද ජනතාව ඒ සමාජ වගකීම දිගටම ඉටු කිරීම වැදගත් බවද එසේ නොවුණහොත් තවත් දරුණු කොරෝනා රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ ශරීරයන්හි ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු කීවේය.
දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද විශාල ලෙස පහත බැස ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ අතර විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් වයස අවුරුදු15ත් 19 අතර දරුවන්ට එන්නත ලබාදීම ඉන්පසුව ආරම්භ කරන බවත් හම්දානි මහතා පැවැසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා තුන්වෙනි රැල්ලේ අවසානය පෙනෙන මානයට ඇවිත්