(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේද කීවේය.
"එල්. පී. එල් තරගාවලිය ලබන 26 වන දා ඉදන් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි තරගාවලියක් පවත්වන පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. තවත් කොරෝනා පොකුරක් ව්‍යාප්තවීමේ අවදානමක් මෙහි තිබෙනවා.
මේ තරගාවලියට සහභාගි වන්නේ අපට ජාතික වටිනාකමක් ලබා දෙන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන්. මෙහි තරග කිරීමට පැමිණෙන විදේශ ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.
විවිධ රටවල් වලින් අපේ රටට ක්‍රීඩකයන්, පුහුණු කරුවන්, මාධ්‍යවේදීන්, විස්තර විචාරකයන් ආදී කණ්ඩායම් සහභාගි වෙනවා. මේ අය කොරෝන අරන් අපේ රටට ආවොත් අපේ රට තවත් අවදානමකට පත් වෙනවා.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා තියෙද්දී එල්.පී.එල්. සංවිධානය ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක්
CISCO Friday, 20 November 2020 10:52 AM
මෙයා අයි.පී.එල්. බලන්න නැතිව ඇති.
Kamal KoyralaSaturday, 21 November 2020 02:33 PM
CISCO, 69 ලක්ෂයේ බයියෙක් වෙන්න ඇති අයි. පි. එල්. සහ එල්.පී.එල්. මොකක්ද කියලා දන්නේ නැහැනේ.
විශ්ව Friday, 20 November 2020 11:08 AM
විදෙස් ක්‍රීඩකයන් ට අපෙන් කොරෝනා සෑදීමට ඇති ඉඩකඩ ඔවුන්ට කියා දීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ හරය බව පෙනේ. අවසාන මොහොතේ හෝ ඔවුන් තරගාවලියෙන් ඉවත් වුවහොත්, ඇතැමුන්ට ලැබිය හැක්කේ කාලකන්නි සතුටකි.
Prase Friday, 20 November 2020 11:16 AM
ඔව් ඒක ඇත්ත.
Nuwan Friday, 20 November 2020 11:51 AM
ඔය ක්‍රීඩා ඇමැති කියලා කෙනෙක් ඉන්නේ .... මෙලෝ රහක් නැහැ.
සේනානායක Saturday, 21 November 2020 04:22 AM
රටට කෙලවුණාට මොකද? අපේ නාමල් ඇමතිතුමාට හරි යනවා නම්
pradeepa Saturday, 21 November 2020 07:49 AM
අපි හරක් පාර්ලිමේන්තු යැව්වා නම් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හරක් වැඩ තමයි. රට මෙච්චර දරුණු තැනකට වැටිලා මිනිස්සු මහපාරෙ වැටිලා මැරෙනවා. ඒ මදිවට අපි ක්‍රිකට් ගහනවා.
මරතේනිස් අයියා Sunday, 22 November 2020 01:01 AM
ක්‍රීඩාකිරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් නෙමේ නේද? ඒ නිසා මේවා පසුව සංවිධානය නොකරන්නේ ඇයි? බේබිට මාර හදිසියක්නේ තියෙන්නේ. ඒ වගේම තමයි පාසැල් ආරම්භ කිරීමත්... කලින් වතාවේ ඉතා සැලසුම් සහගතව ඩලස් ඇමතිතුමා ඒක සිදුකළා. එක දරුවෙක්වත් ගුරුවරයෙක්වත් ආසාධිත නොවන විදිහට. දැන් රටේ මෙච්චරටම බරපතල තත්වයක් තිබිලත් කිසිම සැලසුමක් නැතිව පාසල් අරින්න හදනවා. ඇත්තටම වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා පොතේගුරෙක් මිස මහ පොළවේ පය තබා සිටින මනුස්සයෙක් කියලා පෙනෙන්න නැහැ. දැන්නම් අපේ පාලකයින් සහ ඇමතිවරු කටයුතු කරන්නේ වියරුවෙන් වගේ එක එකා තමන්ට හිතන හිතන දේවල් කරනවා දිනපතා මිනිස්සු මැරෙනවා.. මොවුන්ට කිසිම ගාණක් නැහැ. පාසැල් යන එක දරුවෙකුට හැදුණොත් මොකද වෙන්නේ කියලා... මොවුන්ට කිසිම ගාණක් නැහැ... ක්ලෝරින් වතුරෙන් කකුල් හෝදලා ඉස්කෝලෙට ගත්තට වැඩක් තියෙනවද? ආසාධිත දරුවෙක් ඉස්කෝලේ ආවොත්? අවසානයේ ඉහළ තැන්වලින් කියාවි දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ වරදින් නැවත කොරෝනා පැතිරුනා කියලා.. ඇත්තටම අපි රට බාරදුන්නේ ජෝකර්ලා සෙට් එකකටද කියලා හිතෙනකොට හරිම කණගාටුයි...