IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට

(සුමිත් ප්‍රේමතිලක)

කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.

මෙසේ නැවත රෝහල වෙත රැගෙන විත් ඇත්තේ , පානදුර , වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ගේ මළසිරුරක් බව පැවසේ.

පසුගිය 12 දා රාත්‍රි මියගිය පුද්ගලයාගේ මළ සිරුර පානදුර මූලික රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර , ඔහුගේ පවුලේ අයවලුන්ට කොරෝනා තත්ත්වයක් නිරෝධායනයට ලක්ව නොමැති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලබාදුන් නිර්දේශයකට අනුව පි.සී.ආර් වාර්තාව ලැබීමට ප්‍රථමයෙන් .දේහය ඥාතීන්ට මුදාහැර තිබේ .

ඒ අනුව මෘත දේහය පානදුර , පල්ලිය මුල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර් වාර්තාවට අනුව , මියගොස් ඇති පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරුව, කලබල වූ රෝහල් කාර්ය මණ්ඩලය වහා මල්ශාලාව වෙතගොස් වෙත ගොස් නැවත මෘතදේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් ඇතැයි වාර්තාවෙයි .

ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබේ .

 



අදහස් (1)

කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට

සිරිබිරිස් Friday, 14 May 2021 10:56 AM

පුදුම දේවල් අප්ප අහන්න ලැබෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 132 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 138 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 722 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1203 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 657 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1575 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site