IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි

(සුජිත් හේවාජුලිගේ )

ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය.

එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.

 



අදහස් (16)

කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි

නන්නාදුනන හාදයා Sunday, 02 May 2021 03:05 PM

දොස්තර නෝනේ, හැම සිවිල්, අපරාධ නීතියන් වගේම මේ කොරෝනා නීතිත් වැඩිපුරම කඩන්නේ මේ රට පාලනය කරන අසමජ්ජාති හොර මිනීමරු දේශපාලුවන් සහ වහල් මානසිකත්වයක් ඇති වහල්ලුන් පමණයි. කොරෝනා හැදිලා ඔවුන්ට කෙලවෙලා ගියොත් අපට මොන සැපක්ද? රටට කොයි තරම් සේවයක්ද?...

:       0       0

Prasad Sunday, 02 May 2021 03:59 PM

ඕක අපිට නෙවෙයි කියන්නේ පාලකයින්ට

:       0       0

Neela Sunday, 02 May 2021 04:08 PM

අපි දැන් එංගලන්තය පරද්දලා 25 වෙනි තැනට ඇවිත් ඉන්නේ. අද රෑ 24 වෙනි තැන ඉන්න ඇමරිකාව පරද්දනවා.

:       0       0

Chawi Sunday, 02 May 2021 04:26 PM

මැඩම්, අපි පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමු. එහි කිසිදු නියාමනයක් නොමැත. ඉතින්, අපට බේරෙන්නේ කෙසේද?

:       0       0

නුවන් Sunday, 02 May 2021 04:52 PM

මුඛ ආවරණය දමා නැති අය මෙන්ම මුඛ ආවරණය නිකටට පමණක් දමා ඇති අයද සිතන්නේ එය රජය විසින් කළ යුතු දෙයක් ලෙසට ය.... මෙවන් ආකල්ප තිබෙන තාක් කොරෝනා මර්දනය ලෙහෙසි වන්නේ නැත .

:       0       0

සිරිබිරිස් Sunday, 02 May 2021 06:14 PM

අපිට ඕව කියල වැඩක් නැහැ . ආණ්ඩුවට ඕව කියන්න. ඒ ගොල්ලෝ තමයි මිනිස්සුන්ට අනුබල දුන්නේ ඒකට . ඔය කට්ටියත් සද්ද නැතුව හිටියා එතකොට .

:       0       0

nm Sunday, 02 May 2021 06:59 PM

මේවනවිට ඉන්දියාවේ පුරවැසියන්ගේ සහ දේශපාලකයන්ගේ අනාරක්ෂිත ක්‍රියාදාමයන් නිසා covid -19 වෛරසයෙන් දිනකට දහස් ගණනින් මියයාමත් වෛරසය වේගයෙන් පැතිර යාමත් නිසා දිනකට ලක්ෂ ගණනින් රෝගීන්ගේ වැඩිවීමක් ඇත. ඉන්දියාවේ රෝහල් තුල මියයන්න්වූ රෝගීන්ගේ වාර්තාවන් ඉදිරිපත් කලද නිවෙස් තුල සහ වෙනත් තැන්වල මියයන ප්‍රමාණය වාර්තා වන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් බව වාර්තාවේ. මේවන විට බ්‍ර්තාන්‍ය.කැනඩාව සහ ඇමෙරිකාව බෙහෙත් සහ එන්නත් ඉන්දියාවට යැවීමට මේවන විටත් කට යුතු කර ඇත.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 03 May 2021 02:15 AM

පළමු වරද කළේ බලයේ සිටිනා දේශපාලයන් හා කොවිඩ් පාලන අංශ.අවුරුදු කාලයේ හිතේ හැටියට මිනිසුන්ට හැසිරෙන්න දුන්නාම මේ තත්ත්වය ඇතිවෙන බව බොහෝ අය පෙන්වා දී තිබියදීත්,එය වටහා ගැනීමේ බුද්ධියක් ඔවුන් සැමට තිබුණේ නැහැ

:       2       17

JAYATH Monday, 03 May 2021 06:01 AM

මේ වෛද්‍ය සංගම් ඔක්කොම ප්‍රකාශ නිකුත් කරනවා විතරයි අර එක සංගමයක ප්‍රධාන පුද්ගලයෙක් ආගිය අතක් නැහැ මෙයාල ට බැරි ඇයි රජයට බලපෑමක් කරන්න ? කොරෝන මර්දනය කරපු හැම රටක්ම ඒ දේ කලේ රජය නිසි වෙලා වෙලවට අවශ්‍ය තීරණ ගතපු හින්ද ඊශ්‍රායලය , චීනය සිංගප්පූරුව උදාහරණ කීපයක් විතරයි . මිනිස්සුන්ට නිදහස දීල බැහැ දුන්නොත් එක වල්බූරු නිදහසක් වෙනවා රජයක් තියෙන්නේ එකට තමයි නමුත් ඉස්තාලේ වහන්න හදන්නේ අශ්වයා පැනල ගියාට පස්සේ -පව් අපේ රටේ අහිංසක මිනිස්සු ඒ හින්ද මේ සංගම් වලට මම කියන්නේ පින් සිද්ද වෙනවා මේ නිදාගෙන ඉන්න ආණ්ඩුව කූද්දල ගන්න ඒක මනුෂ්‍ය සංහතියට කරන මහගුසේවයක්

:       2       13

ana Monday, 03 May 2021 07:04 AM

අන්තිම කෙරෝනා රෝගියාත් වාර්තා වී දින 14 යනතුරු මෙහෙමම අල්ලාගෙන සිටිමු. හිතුවොත් බැරි නැහැ.

:       1       7

fairoos Monday, 03 May 2021 07:41 AM

ඒක අපි දන්නවා

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 03 May 2021 07:44 AM

මෙච්චර දෙයක් රටට වෙලත් පාලකයන්ට හරි තිරණ ගන්න හිතෙන්නෙ නැ.....මරණය පෙනි පෙනිත් ජනතාවට මාස් දාන්න සෞඛ්‍ය පුරුදු රකින්න හිතෙන්නෙ නැ....මටනම් හිතන්නෙ මේ කර්මය එළිපිටම පලිසන් දෙන්න පටන් ගන්න යන අවස්ථාවක් කියල....තව සතියකින් දෙකකින් මේ රටට උරුම වෙන දෙය ගැන හිතෙද්දිත් ඇති වන්නෙ දුකක්...සත්‍ය දැක දැකත් ඇස් කන් පේනනෙ නැති විදිහට හැසිරෙන රටක්....මොනව කරන්නද...? මේ වෙන්න මේ මොහොතෙ අපේ රටේ දෛවය වෙන්න ඇති...මේ වසංගතයෙන ටිකකට හරි බේරෙන්න නම් දැන්වත් මිනිස්සුයි පාලකයොයි සෞඛය පුරුදු රකිමින්...ධර්මයෙහි හැසිරෙමින් පරිස්සමින් හිතට එකගව ජවිත්වන්න පටන්ග ගන්න ඕන....

:       2       2

සෙනවි Monday, 03 May 2021 07:59 AM

තවම මේ රෝගය සමාජගතවී නැද්ද???.

:       0       2

rathgama Monday, 03 May 2021 08:10 AM

පුරසාරම් දොඩව දොඩව හැම ප්‍රශ්නයකටම ජනතාව වැරදිකරුවන් කිරීම විසඳුමක් නෙවෙයි . කළ හැකි උපරිමදේ කරන්න

:       2       2

විපරමා Monday, 03 May 2021 11:48 AM

සමිත ,චමින්ද මහත්වරු කියලා තියෙන දේ හරි. මොලේ උඩ ඉන්න බත්කන මෝඩයන්ට ඔය දේවල් නොතේරෙන එක කරුමයක් ?

:       0       0

ranjith Monday, 03 May 2021 12:37 PM

කෝටි ගණන් මහජන මුදල් අවභාවිතා කරලා අවුලක් නැතිව ඉන්න පුළුවන් ලොක්කෝ ඉන්න රටක මේවා මොනවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි
2025 අප්‍රේල් මස 26 200 0

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක


විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි
2025 අප්‍රේල් මස 26 438 0

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.


සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක
2025 අප්‍රේල් මස 26 219 0

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ


චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 156 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 815 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 375 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 860 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 390 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site