(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොරෝනා තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන් යැයි පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එය හංගන්න දෙයක් නැතැයි ද මේ තත්ත්වය යටතේ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා(සජබ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“කොරෝනා නිසා රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන්’’
ජන හඩ Monday, 08 November 2021 05:48 PM
ඇත්තටම වැටුප් ගෙවන එක පැත්තක තියලා ඇවිදින මං තීරු හදන්නයි ඕනෙ. මොකද කොවිඩ් වෛරසයට හොදම පිළියම මෙයයි.
කම්කරුවා Monday, 08 November 2021 05:52 PM
වැටුප් ගෙවන්න බැරි වුනාට වැව් බැමිවල මංතීරු හදන්න සල්ලි තියෙන්නෙ කොහොමද ලොක්කො. එච්චර අමාරුනම් මැතිවරණය වෙලාවෙ නූගතුන් ලක්ෂයක් සදහා රැකියා දෙනවා කියලා පුද්ගලික අංශයේ රැකියා කල පිරිසකට පුලුන් බෝල හදන රැකියා දුන්නෙ මොකටද තමනුත් කිසිම වැඩක් නැතුව පඩිගන්නෙ මොකටද අමාරු කාලෙවත් ඒකවත් ආපසු දෙන්න. රට හදන්න ආවා නම් රනිල් වගේ වැටුප් නොගෙන හිටියම ඉවරනේ.
kumara Hemasara Monday, 08 November 2021 06:09 PM
තව ටිකක් හොරා කෑවා නම් හරි. මන්ත්‍රීතුමනි...
sisilMonday, 08 November 2021 11:27 PM
කෙසේ වෙතත් ඔබගේ වැටුප සහ දීමනා සියල්ල වෙලාවට ලැබුනද කියා ජනතාවට දැනගැනීමට කැමැත්තෙන් සිටී
දිමුත්Tuesday, 09 November 2021 09:36 AM
තව ටිකක් පිටරට සංචාර ගිහින් සැප ගන්න තියෙන්නෙ
Hafeel Monday, 08 November 2021 06:46 PM
එහෙමනම් මැති ඇමතිලාගේ වැටුප්, දීමනා, වරප්‍රසාද, පුද්ගලික කාර්ය මණ්ඩලය ගෙවන්නේ පහසුවෙන්ද? මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රී වැටුප් දෙකක් ගන්නවා.
L.G.P.Jathunarachchi. Monday, 08 November 2021 06:51 PM
ගරු මන්ත්‍රීතුමනි, බියගම සල්ලි අච්චු ගහන එක මේ වැඩේට හොඳයි...
sajith Monday, 08 November 2021 06:57 PM
එච්චරයි අඩුවකට තිබුණේ... කොහොමහරි ඒකටත් කෙළවන්න.., සර්..! වෙනස නම් මාර සැපයි....
Nuwan Monday, 08 November 2021 07:03 PM
එහෙනම් මොන එහෙකටද හලෝ වැව් බැමි කපාගෙන ජොගින් පාක් හදන්නේ...?
upul Monday, 08 November 2021 07:13 PM
කන්ටේනර් පෙට්ටිවල ජිම් හන්දියක් හන්දියක් ගානේ දාන්න යුවරජු සැලසුම් කළේත් සල්ලි අතේ නැතිවද?
Mervin Monday, 08 November 2021 07:29 PM
රටට මොනයම් හෝ වැඩක් කරන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්ඩත් අමාරු නම්, කිසිම වැඩක් නොකරන ඇමති මණ්ඩලයක් නඩත්තු කරන එක කොච්චර අමාරු ඇද්ද?. ඕගොල්ලෝ ජනතාවාදී අයනේ. දීපු බලය පාවිච්චි කරලා ඇමති මණ්ඩලය අඩු කරන්න. ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල කප්පාදු කරන්න. අමුතු වරප්‍රසාද මොකටද මෙච්චර අහේනි කාලෙකදී. ඒවත් කපන්න. එහෙම කපලා ඊට පස්සේ වැඩ කරන ජනතාවගේ වැටුප් ගැන බලමුනේ...
C.K.LankaputhraTuesday, 09 November 2021 06:07 AM
ඇයි පලාත් සභා ප්‍රාදේශීය සභා කියල තියන ඒවායේ මැති ඇමතිවරු. ඔය ඔක්කොම මදිවට ප්‍රාදේශීය ලේකම්ලට ඇමතිවරුන්ට මිලියන ගනන් දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ. ඒ ගැහැලි වලට සල්ලි තියනවා.
සඳුන් Monday, 08 November 2021 07:30 PM
බයවෙන්න එපා ඇමතිතුමා. මොනවා වුණත් ඔය ගොල්ලන්ට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න සැප වාහන ටික ගේන්න අගමැතිතුමා පොරොන්දු දීලා ඉවරයිනේ...
SL Monday, 08 November 2021 07:32 PM
රාජ්‍ය සේවකයෝ වැඩ කරලා පඩි ගත්තේ හරි සීමිත පිරිසක්.... ඒ හැර බහුතරය රටට බරක්. කොවිඩ් කාලේ හොඳටම බරක්. කිසිම වැඩක් නැහැ... මගේ ෆයිල් එකක් මාස 6ක් තියාගත්තා කොවිඩ් කිය කියා...
ගමේ එකාලා Monday, 08 November 2021 07:57 PM
වැටුප් අමාරුවෙන්ලු ගෙවන්නේ... දේශපාලුවන්ට ලැබෙන දීමනා ඇතුලු අනිකුත් පහසුකම් අඩුවක් නැතුව ලැබුණොත් ඒ ඇති...
Lal Monday, 08 November 2021 08:50 PM
රාජ්‍ය සේවයේ පඩි කියවන්න බැරි වුනේ කොරෝනා හින්දා නොවේ.. රාජපක්ෂලා රටේ සම්පත් හොරාකාපු හින්දා. වහලෙක් වෙන්න එපා...
බද්රානි Monday, 08 November 2021 09:38 PM
අර පසුගිය රජයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුපට වැඩිකළ රුපියල් දහදාහ කපලා දාන්න. එතකොට ඒ අයගේ තිබුන අසනීප නිට්ටාවටම සුව වෙලා යයි. මොනවා වුණත් දැන් අපිට ඉන්න රටක් ඉතුරුවෙලා තියනවනේ, හා නැද්ද? අනික ඉතින් බඩ ගැන නොසිතා රට ගැනම සිතන ආපිට වැඩි වැටුප් මොකටද?
Bempi Tuesday, 09 November 2021 05:49 AM
එතකොට අර පරාක්‍රම සමුද්‍රයේ මංතිරුවට ගෙවන්න සල්ලි තියෙනවද.?
naushi Tuesday, 09 November 2021 09:13 AM
ඇයි මන්ත්‍රී තුමා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවෙයි මන්ත්‍රීවරයෙක් කිව්වේ මුදල් ප්‍රශ්නයක් නැහැ ඕනේ තරම් මුදල් තියනවා කියලා .ඇරත් ආණ්ඩුවේ ට්‍රිලියන් ගණන් අච්චු ගහන්නේ දිගට අහ්රහට .වෙනසනම් බොහොම සැපයි 69 ලක්ෂය
Sunil Tuesday, 09 November 2021 10:26 AM
කෝටි ගණන් කොමිස් ගහන එක හැර අන් සෑම දෙයක්ම කරන්නේ බොහොම අමාරුවෙන්.
nalin Tuesday, 09 November 2021 11:05 AM
මොන අමාරුවෙන්ද? අර බියගම තියෙන රුපියල් අච්චුගහන මැසිමෙන් අමාරුවෙන් අච්චුගහල තමයි ගෙවන්නෙ. ලොකු මිනිස්සුන්ට බදුසාමාවවල් දීල ඔහේ සල්ලි අච්චුගහල ආදායම් වියදම් පියවගන්න එකනෙ කරන්නෙ.