(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම සහ අධිකරණ කටයුතු යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නව නීති ප්‍රතිපාදන ඇතුළත් කොරෝනා රෝගය (2019) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට අද (8 )ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය .
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයට කරුණු විස්තර කළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙය කොවිඩ් 19 සම්බන්ධිත තත්වය හේතුවෙන් නියම කරනු ලැබ ඇති කාල සීමාවක් තුළ ඉටුකිරීමට නීතිය මඟින් නියම කරන ලද ඇතැම් ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා පුද්ගලයන් හට නොහැකි වූ අවස්ථාවලදී සහ කොවිඩ් සම්බන්ධිත තත්වයන් තුලදී අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි අවස්ථා වලදී විකල්ප අධිකරණයන් නියම කිරීම සඳහා ද 2019කොරෝනා වයිරස රෝගය පාලනය සඳහා පහසුකම් සැලසීම සඳහා ද දුරස්ථ සන්නිවේදන තාක්ෂණ භාවිතයෙන් අධිකරණ කටයුතු සිදු කරගෙන යෑමටද කොවිඩ් 19 සම්බන්ධිත තත්වයන්හිදී ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට නොහැකි වූ විටදී ඇතැම් ගිවිසුම්වල පාර්ශ්වයන් සම්බන්ධයෙන් සහනයක් සලසා දීම සඳහාත් ඒ සඳහා තාවකාලික විධිවිධාන සැලසීම සඳහාත්වූ පනත් කෙටුම්පතකැයි පැවැසුවේය.
මේ අතර වද දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හා නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති සංශෝධන පනත් කෙටුම්පතද අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කළේය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා පනත අද මැති සබයට