(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.
මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට අුැතුළත්ව ප්‍රතිකාර බමින් සිටියදී මියගියේය යැයි පවුලේ ඥාාතියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙම සිසුවියට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි වෛද්‍යවරයෙක් කීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි
sampath Sunday, 30 January 2022 10:56 PM
ඉස්කෝල ටික ඇරගෙන වාර විභාග ගිය තියා ඉන්නකෝ, සරසවි වහලා මොන්ටිසෝරි ඇරගෙන...
මහජනතාව Monday, 31 January 2022 07:18 AM
ගම්පහ නගරයේ තරඟයට සංගීත සංදර්ශන සහ කානිවල්, ඒ මදිවට ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් දමන මිනිස්සු රැස්කර ගන්නවා.. කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශයක් ගැන නොසිතා... අනේමන්දා මේ වගේ වසංගතයක් වේලාවකවත් තියෙන වෙලාවේත් මඩිය තදකර ගන්න මනේ මේ කවුරුත් උත්සාහය...
Udhuli Monday, 31 January 2022 08:00 AM
දුව ඔයාට නිවන්සුව ලැබේවා.
Karunarathna - Gampola Monday, 31 January 2022 09:19 AM
දියණියනි, ඔයාගේ භව ගමන නිමවේවා...! ඉතා ඉක්මණින් භව දුක අවබෝධ කරගෙන, අජරාමර නිර්වාණයට පත්වේවා..!!!
saman sigera Monday, 31 January 2022 10:06 AM
"වෛද්‍යවරයෙක්"... නමක්, ගමක් නැද්ද? බොරු පුවතක් එහෙනම්. කොරෝනා නෙවෙයි, වෙන මොනවා හරි වෙලා ඇති... පොලිස් පරීක්ෂණ අවශ්‍යයි.
fairoos Monday, 31 January 2022 12:28 PM
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... සර් පම්පෝරි විතරයි.. ඊළඟ අවුරුදු 3ත් කොරෝනා හින්දා හොඳට කරන්න බැරිවුණා.
Prabha Monday, 31 January 2022 03:05 PM
මම ගිය සතියේ කෝවිඩ් හැදිලා සුව වුණේ. මගේ හාමිනේට තාම සුවයක් නෑ. මම ඉන්න රටේ දොස්තරලා කිව්වේ එන්නත් 2 අරගෙන තිබුණු නිසා ජීවිතය බේරුණා කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම නම් බිංදුවයි.. ආරක්ෂා වෙන්න.. ඒ විඳපු දුක තව කෙනෙක්ට විඳින්න නොලැබේවා...!!!
NuwanMonday, 31 January 2022 05:39 PM
ඒ රටේ ඉතින් වෛ්‍යෛවරු කියන ඒවා අහනවා ඇති. ලංකාවේ ඉතින් කවුරු හරි කියන එකක් අහලා එන්නත ගන්නේ නෑ...
amara Monday, 31 January 2022 06:18 PM
පුංචි දරුවන්ව රැස් කරනවා... ස' ඒ ළමයින්ට කිසිම එන්නතක් නෑ.