IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා

ඉන්දියාවේ 'කොවිඩ් 19' සුවවූවන් වැඩි දෙනකු දියවැඩියා රෝගීන් බවට පත් වී ඇති බවත්, 'කොවිඩ් 19' ආසාදනය වීමට පෙර, ඔවුන් කිසිවකුටත් දියවැඩියාව නොතිබුණු බවත් මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවය සමඟ පවසා ඇත.

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වෙද්දී, ප්‍රතිශක්තිකරණය අඩු වන අතර, ආසාදිතයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. දියවැඩියා රෝගියකු නම්, නියමිත පරිදි ඖෂධ ලබා ගෙන දියවැඩියාව පාලනය කරගෙන නැතිනම් හෝ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි අනුමත එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගෙන නැතිනම් සංකූලතා අවම වන අතර මරණයට පත්වීමේ ප්‍රතිශතය ද ඉතාමත් අඩුය.

දියවැඩියාව පමණක් නොව, සෙසු බෝ නොවන රෝග වන අධිරුධිර පීඩනය, හෘද සහ ස්වසන රෝග ඇති අය ඔවුන් එම රෝග පාලනය කර ගැනීමට නියමිත බෙහෙත් පාවිච්චි කළ යුතු මෙන්ම 'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙයි.

මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවයට පැහැදිලි කර ඇති අන්දමට, 'කොවිඩ් 19' ආසාදිතයන් වන දියවැඩියාව නොමැති අය, නියමිත එන්නත් ලබාගෙනත තිබුණත්, ඔවුන්ගේ ඉහළ යන රුධිරයේ සීනි මට්ටම කොරෝනා සුවවූ පසු යළි පහළ යන්නේ නැත. වෛද්‍යවරුන් මෙසේ පවසා ඇත්තේ මූලික අධ්‍යයනයකින් පමණක් බවත්, ඒ ගැන තවත් පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. අලුතින් දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගැනෙන පිරිසට වයස් භේදයක් නැති බවත්, පවුලේ පවුලේ කිසිවකුටවත් දියවැඩියාව නොමැති බවත් සිදු කළ අධ්‍යයනවලින් තහවුරු වූ බව ද මුම්බායි වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත.

කෙසේ නමුත්, 'කොවිඩ් 19' සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය නිශ්චිතව අවබෝධ කර ගැනීමට දිගටම අධ්‍යයන පවත්වන බවත්, තමන් සොයා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුරෝපා වෛද්‍ය පර්යේෂකයන්ටත් යොමු කළ බව ද මුම්බායි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 77 ක් සිටිති. සෑම හය දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියාවෙන් පීඩා විඳින බව පැවැසෙයි. ඉන්දියාව දියවැඩියා රෝගීන් අතින් දෙවැනි වන්නේ චීනයට පමණි. චීනයේ දියවැඩියා රෝගීන් ගණන මිලියන 116 කි.

(බී.බී.සී.)



අදහස් (1)

කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා

Sri Lanka Wednesday, 11 August 2021 07:33 PM

ලෙඩ දෙකටම බෙහෙත් හදන්නේ බටහිර කම්පැණි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 717 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 240 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 461 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 309 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 98 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 950 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 48 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site