IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කර්මාන්ත 2000 වැසී:ලක්ෂ පහක් මහ පාරේ

(සුජිත් හේවාජුලිගේ)

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත් වෙති.

මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි එම වාර්තාවල දැක්වෙන බව මහාචාර්යවරයා කීවේය.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.

මේ අතර එම වර්ෂයේදී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) සියයට51.2 සිට සියයට 48.9 ක් දක්වා අඩුවී ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) සියයට 14.2 සිට සියයට 17.2 දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාවල දැක්වෙන බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසාය.

 



අදහස් (3)

කර්මාන්ත 2000 වැසී:ලක්ෂ පහක් මහ පාරේ

Nimesh Saturday, 21 October 2023 11:29 AM

පින්පතිතුමායි, ආඩම්බර අප්පචියි, විරුවයි, බයියෝ ටිකයි තමයි හොඳටම කරලා තියෙන්නේ, එන්න අපි පින්පතිතුමා එක්ක සිස්ටම් චේන්ජ් කරමු..

:       5       24

චන්දන Saturday, 21 October 2023 12:03 PM

මෙයාලා හිතන්නේ ණය ගත්තාම වැඩේ හරි කියලා. රට තවත් අගාධයකට යන බව දැන් ඉතා පැහැදිලියි...

:       3       26

Nimal Saturday, 21 October 2023 01:11 PM

ඒත් හොඳම වැඩේ තමයි ,ලබන පාරත් මේ උන්දලා ටික පාර්ලිමේන්තුවේ ඉදී

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 1 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 35 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2197 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1780 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 376 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 627 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site