(ආනන්ද ඉ ජයකොඩි)
මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්, එහි තිබූ සියලු දේපලත් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මීරිගම පොලීසියට නියෝග කළේය.
ගම්පහ බැණ්ඩියමුල්ල පදිංචි සුනිල් සිසිර කුමාර නැමැත්තකුට අයත් කාරයක් 2023 අප්‍රේල් නව වැනි දා මීරිගම නගරාසන්නයේ දිවුලපිටිය මාර්ගයේ දී පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීරිගම පොලීසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේ දී හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කාරය පැහැරගෙන ගොස් ඇති බවත් එම කාරය තුළ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා චෙක් පොත් පහක්ද තිබී ඇති බවද හෙළි වී තිබිණ.
මේ පිළිබඳව මීරිගම පොලීසිය පෙර දිනයක අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් යළි කැඳවූ අවස්ථාවේ මීරිගම පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ ජී ඇස් පී සුබසිංහ මහතා කරුණු දක්වමින් කාරය පැහැරගෙන යාම පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී කාරයට ගෙවිය යුතු හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පවත්වා ගෙන යන මූල්‍ය සමාගමක පිරිසක් එය පැහැර ගෙන ගොස් ඇති බව කියා සිටියේය.
මේ අනුව එහි කළමණාකාරවරයාට කාරයත් රැගෙන පොලීසියට එන ලෙස දන්වා තිබුණත් ඔහු මේ දක්වා නොපැමිණි බව ද පොලිස් පරීක්ෂකවරයා කීය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පොලීසියට එන්න කියන්න අවශ්‍යතාවයක් නැහැ පැහැදිලිවම අපරාධයක් වහාම කාරය පැහැරගෙන ගිය පුද්ගලයන් හා එයට උපදෙස් දුන් සියලු දෙනාම තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීරිගම පොලීසියට නියෝග කළේය.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාරය ඉස්සූ මූල්‍ය සමාගමේ සියල්ලෝම අධිකරණයට