(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයන් ලබාදී ඇති බව කියන නිවසක් සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන් වහන්සේට කළ දැනුම්දීමකට අනුවය.
ඒ අනුව කොබවක ධම්මින්ද හිමියෝ අද (11) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සවස 4.10 ට පමණ ඉන් පිටව ගියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසල ධම්මින්ද හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ උන් වහන්සේ මීට පෙර ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අතර වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ බවය.
බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කිරිවෙහෙර විහාරාධිපතිගෙන් පැය 7ක් ප්‍රකාශ ගනියි
Nandalal de Silva - France Tuesday, 11 March 2025 09:45 PM
උන්වහන්සේ ගැන පැතිර යන ආරංචි අනුව තව කිහිප වතාවක් උනත් CID චාරිකාවන් සදහා, එහාට වඩින්න වෙන්නත් බැරි නෑ !!!!
Kazi Shajahan Wednesday, 12 March 2025 04:45 PM
රාජපක්ෂලා ඔබ වහන්සේලාගේ ප්‍රධාන දායකයෝ නේ... ආපුවාම පිරිත් නූල් ගැටගහලා, කරඬුව ඔලුවට තියලා, කොහොමද කරලා තියෙන දේවල්..? දැන් හොරාට හදපු ගෙවල්වල අයිතිකාරයෝ නැහැ.