IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවට පානීය ජලය සැපයීම පිනිස ඇරඹා ඇති  කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් - 101 ක්, අත්තනගල්ල කොට්ඨාසයේ වසම් - 151 ක්, මිනුවන්ගොඩ කොට්ඨාසයේ වසම්  - 121 ක්,  මීරිගම කොට්ඨාසයේ වසම්       - 34 ක් සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම්  - 36 ක් සදහා පානීය ජල පහසුකම් ලබා දීමට සැලසුම් කොට ඇත.

කරස්නාගල ජල ව්‍යාපෘතිය යටතේ අත්තනගලු ඔය ආශ්‍රිතව ඝන මීටර් මිලියන 3 දශම 5 ක ධාරිතාවකින් යුත් බස්නාගොඩ ජලාශය සහ පිරිපහදුව ඉදි කෙරෙන අතර ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුනද රටෙහි උද්ගතවූ විවිධ තත්ත්වයන් මත එය මෙතෙක් අවසන් කිරීමට නොහැකිවී ඇත.  

ව්‍යාපෘතියෙහි  ඉතිරිව පවතින කටයුතු සදහා ඉදිරි අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගනිමින් කටයුතු අවසන් කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය. 

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක , ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද , කරස්නාගල ජල ව්‍යාපෘති අධ්‍යක්ෂ දේහින් ධර්මපාල , අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් එස්.පී.ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 316 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1129 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2546 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 327 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 171 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26720 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18873 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1864 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site