IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට

 

(ක.ග.කරුණාරත්න)
 
කිලිනොච්චියේ සිට දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයට මෝටර් රථයෙකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුලු  සැකකරුවන් තිදෙනෙකු දිඹුලාගල දළුකාන වැවට ආසන්නයේ පිහිටි නාමල්පොකුණ ප්‍රදේශයේදී අද(21)අලුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

ගංජා ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරු පැදියක්ද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා මිහින්තලේ මහකනදරාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරී කරන අය බවත්  පොලිස් අත් අඩංගුවට පත් අනෙක් සැකකරු යුද හමුදාවේ  සේවයෙන් දැනට තාවකාලිකව ඉවත්වී සිටින හමුදා සෙබලෙකු බවත් හෙළිවී තිබේ.
 
මොව්හු හතරලියැද්ද, අඹකොටේ, සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද මෙම ගංජා ජාවාරම කාලයක පටන් සංවිධානාත්මකව සිදුකර ඇතැයිද අනාවරණයවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
 
පොලීසියට ලැබුණු තොරතරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් සන්තකයේ සහ මෝටර් රථයේ සඟවා තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක්ද අත් අඩංගුවට ගෙන ඇත.
 
 කිළිනොච්චියේ සිට දිඹුලාගල දක්වා එන අතරතුර ස්ථාන කිහිපයෙකට ගංජා බෙදාහරිමින් පැමිණි  බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
 
 සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය.
 
 අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරික්‍ෂණ සිදු කරයි.



අදහස් (0)

කේරළ ගංජා ගෙනගිය හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 74 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 195 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට
2025 අප්‍රේල් මස 30 740 1

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල


මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 324 0

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු


ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 518 1

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 357 1

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 180 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 50 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1078 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site