(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමුර්දි බැංකුව අසල දී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය කියයි
යතුරු පැදිය සහ මෝටර් රථයේ එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා ඇත
අනතුරින් යතුරු පැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි පොලිසිය කියයි
පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල වත්තක ට වැටී ඇතැයි පොලිසිය කියයි
මෝටර් රථයේ මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් සිටියදී වංගුවක් සහිත ප්‍රදේශයක දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
වහලය මතට පතිත වූ පසු පැදිකරු ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව දැඩි ආයාසයක් දරා පහතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත
යතුරු පැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාර්-යතුරුපැදි ගැටී පැදිකරු කඩේක වහලයකට විසිවෙයි
Hasitha Friday, 31 March 2023 05:27 AM
මම හිතුවේ මේ බයික් කාරයෝ යන විධියට ,වහලය උඩට ලෑන්ඩ් කරලා කියල . බලනකොට අනතුරක් . බයික් උන්නේහෙලට මේවා උරුමයි
janahitha Friday, 31 March 2023 08:17 AM
උඩින් යනවා කියන්නේ ඕකට තමයි... ඉක්මන් සුවයෙන් පසු මහපොළවේ ගමන් කරන ලෙස ඉල්ලමු.