IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක්

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළකළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ ගොවිජන මන්දිරයේදී අද(27) පැවැත්වූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතින බවද, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද ගැටලුවක් බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීහු ඊට පිළියමක් වශයෙන් වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳවීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව පෙන්වා දුන්හ.

ඒ අනුව, පාසල් දරුවන්ට සහල් කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වූහ.
 



අදහස් (11)

කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක්

බද්රානි Thursday, 27 August 2020 12:55 PM

වෛද්‍ය සංගමයේ අයගේ දරුවන්ට කිරි දීලා රටේ දරුවන්ට කැඳ පොවන එක නම් හරිම ෂෝක්... කඩල, කව්පි, මුං වගේ ධාන්‍ය වර්ග අපේ දරුවන්ට ඇලජික් කියලා වෙන්න ඇති මේ වෛද්‍ය සංගම් වල අය හිතාගෙන ඉන්නේ...

:       1140       882

Nimal Thursday, 27 August 2020 02:32 PM

දැන් එතකොට භද්‍රානි දොස්තරලාටත් වඩා දන්නවා වගේනේ... කිව්වොත් කියන්නේ අනුවණ කතාවක්... මුංඇට, කවුපි වගේ දේවල් ගැන කතාවෙලා නැහැනේ... ඒවා හොඳ නැහැ කියලා කවුරුවත් කිව්වේ නැහැනේ... ඔයාට හිතෙන හිතෙන දේවල් කියලා වැඩක් නැහැනේ.

:       139       627

බද්රානිThursday, 27 August 2020 04:30 PM

නිමල්, හිතාගෙන ඉන්නේ ලංකාවේ දොස්තරලා බහුශ්‍රතයින් කියලද? මම අහන්නේ, කැඳ හැලි ගැන කතාකරන දොස්තරලා ධාන්‍ය ගැන කතා නොකළේ ඇයි කියලයි? පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න පාසල් ගිහින් තියන අපට නම් දොස්තරලගේ උපදෙස් අවශ්‍ය නැහැ. කැකුළු හාලේ බතුයි සම්බෝලයි බඩ පිරෙන්න කාලා ඉස්කෝලේ ගිය අපිට නම් කැඳ අවශ්‍ය වුනේ නැහැ කවදාවත්... අපි නම් ඒ කාලේ ලුණු කැඳ ටිකක් බිව්වේ අසනීපෙකටයි.

:       0       0

Sanath KandyThursday, 27 August 2020 10:16 PM

කැඳවල තියෙන පිෂ්ඨය කිරිවල තියෙන ප්‍රෝටීන් වලට සමානයි කියලා සොයාගත්තේ පොහොට්ටුවට කඩේ ගිය දොස්තර සංගමේ මහත්තුරු වෙන්නට ඕනෑ..

:       0       25

udutha Thursday, 27 August 2020 03:43 PM

ඇමෙරිකා එක්සත් ජනපදයේ උපුටා ගැනීමක්... කිරි බොන දරුවන්ගේ ශරීරය වර්ධනය වුවත් බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ. ඒත් ධාන්‍ය හා පැළෑටි වර්ග අනුභව කිරීමෙන් නිරෝගී, බුද්ධිමත්, ශක්තිමත් ජීවිතයක් ලැබෙනවා කියලා තමයි ඇමෙරිකානුවන්ගේ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ...

:       182       327

Dasa PThursday, 27 August 2020 04:27 PM

මෙන්න ඇමෙරිකාව හොඳවෙලා...!!

:       0       0

chandimaThursday, 27 August 2020 05:00 PM

පර්යේෂණ ගැනනම් කියලා වැඩක් නැහැ. කට්ටියක් අලියා ගැන කිව්වා වගේ තමයි. එතකොට කිරිවල තියෙන ප්‍රෝටීන් ශරීරයට ගුණයි. බත්වල තියෙන පිෂ්ඨය නිසා සීනි වැඩි වෙනවා කියලා තියෙන්නේ බොරුවක්නේ නේද? එහෙම නැතිනම් පර්යේෂණයට අරගන්න ඇත්තේ යොදය සහ මේදය අයින් කරලා වෙනම විකුණලා ඇමෙරිකාවේ කඩවල 0% කියලා මිනිස්සු ගොනාට අන්දලා කිරි කියලා විකුණන සුදු පාට වතුර වෙන්න ඇති.

:       0       0

විකුම් රංගන Thursday, 27 August 2020 08:59 PM

එළකිරි මෙන් නොව සහල් කැඳවල ප්‍රෝටීන් හා කැල්සියම් ඉතා අඩු ප්‍රමාණයක් අඩංගු වන නමුත් වැඩි කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයක් ඇති බැවින් එය දියවැඩියාව ඇති අයට සුදුසු විකල්පයක් නොවේ. වර්තමානයේ කුඩා ළමුන් අතර පවා දියවැඩියාව බහුලව පවතී. සහල් කැඳ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ද නොවේ. සහල් නිෂ්පාදනයක් වැඩිපුර ආහාරයට ගැනීම අකාබනික ආසනික් මට්ටම නිසා ළදරුවන්ට හා දරුවන්ට සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. මේ සරල කාරණය නොදන්නා අය දොස්තරලා වුනේ කොහොමද කියන එකයි මට තියන ගැටලුව... සමාජයක් සුව කරනවාට වඩා, ලෙඩ කරන එක පොකට් වාසියිනේ නේද?

:       0       39

BamunuarachchiSaturday, 29 August 2020 02:20 AM

කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා ඔබ උදේට, දවල්ට, රෑට කන්නේ තණකොළද? කැඳ කෝප්පේ බිව්වාමද දියවැඩියාව හැදෙන්නේ...? බලන්නකෝ යෝගට්වල කොපමණ සීනි තියෙනවද කියලා...? ළමයි කොපමණ යෝගට් කනවද? සීනි බීම බොනවද? යෝජනාවන ඕනේම හොඳ දේකට ගොන් පොයින්ට් එකක් දාන්න මිනිස්සු ලෑස්තියි.

:       0       0

සමරේ Friday, 28 August 2020 01:43 AM

ඡන්ද වලට කලින් නම් කිරි විතරක් නෙමෙයි, පැණිත් දෙන්න තමයි කට්ටිය කතා කලේ.. කැඳවත් ලැබුණොත් ලොකු දෙයක්. කැඳ බිස්නස් එක කරන කට්ටියට හරි වාසියි. කොරෝනා කාලේත් කැඳයි, දුම්මුට්ටියි විකුණුවා. දැන් ඉස්කෝලේ ළමයින්ට බලෙන් කැඳ පොවනවා. මේ කමෙන්ට් එකට ගොඩක් අය අකමැති වෙයි. හැබැයි ජාති ආලෙයි, හෙල බොදුකමයි ගැන තප්පුලාගෙන ඉන්න අය චැනලින් වල ගිනිකන හැටි දන්න අය නම් දන්නවා...

:       0       63

weeraya Friday, 28 August 2020 09:04 AM

අපේ මුතුන් මිත්තෝ, වීරයෝ, පණ්ඩිතයෝ... රජදරුවෝ.. හැඩිදැඩි වුණේ ගොන් කිරි බීලා නෙමෙයි නේද? මොනවද ඔය කතා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 85 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 144 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 250 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 866 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 781 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site