IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කාලගුණේට කෝටියක දීමනා ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා  පසුගිය 2022 වර්ෂයේදී  ඇඟිලි සලකුණු යන්ත්‍ර   මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අතිකාල හෝ  නිවාඩු දින  ආදී  දීමනා  ගෙවීම්  කිරීමට  කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ  පහසුකම නොමැති බවයි.

වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත්  ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එම නිලධාරීන්  ප්‍රකාශ කර ඇත.

චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව  විගණන  නිලධාරීහු  එම නිලධාරීන්ට මෙහිදී නිර්දේශ කළහ.

 



අදහස් (6)

කාලගුණේට කෝටියක දීමනා ගෙවලා

පුරවැසියෙක් Friday, 03 November 2023 04:06 PM

මේ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග කවරේද ? මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබාදීම සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය දැඩි පියවර ගතයුතු නොවේද ?

:       0       9

මොහොට්ටාල Friday, 03 November 2023 04:39 PM

තුන්වැනි ඡේදය කියෙව්වාම පිස්සු හැදෙනවා... කෙනෙක් උදේ අටට ආවා කියමුකෝ... පිටවීම රාත්‍රියේ දොළහට නම් ඕටී හැදීමේදී ඇතුල්වීම පිටවීම ගැටළුවක් වෙන්නේ කොහොමද? සම්පූර්ණ පැය ගණනින් සේවා කාලය ඉවත්කලාම අතිකාල පැය ගණන ලැබෙනවා. සාමාන්‍ය පෙළ ගණිතය සමත් කෙනෙකුට ඕවා ප්‍රශ්න නොවෙයි.. මොවුන් කරලා ්තියෙන්නේ දේශපාලුවෝ ඇන්දිල්ල තමයි කිතුල් ගහට ගිය එකා කියපු උත්තර තමයි දීලා තියෙන්නේ... ඔය කට්ටියට ගෙවූ සියලු දීමනා අධිභාර කරන්න ඕනෑ...

:       0       5

Asanga Friday, 03 November 2023 05:20 PM

ජාතික විගණන කාර්යාලය, COPE, වාතයක් වැනිය​. ශබ්දය පමණි. එයද ටික වෙලාවකට පසු නොමැත​.

:       0       7

Lal Friday, 03 November 2023 07:05 PM

පින් පඩි කාරයෝ...!

:       0       5

සමන් විමල් Friday, 03 November 2023 08:00 PM

තව විසිදාහකුත් ඉල්ලනවා...

:       0       0

Nimal Saturday, 04 November 2023 07:09 AM

මේ ගොල්ලන්ට කොපමණ දුන්නත් පාඩු නැහැ. ඒගොල්ලොනේ අපට වර්ෂාව ලබා දෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 71 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 229 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 374 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 129 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 749 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 506 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site