IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කලුතරට සුළු ගංවතුර අවදානමක්

(ලක්මි කුඩලිගම,ප්‍රේමතිලක පෙරමුණ සහ ජේ.ඉඳුරුවගේ)

කළු ගංගාවේ කුඩා ගඟ ද්‍රෝනියේ ඉහල ප්‍රදේශවලට ලැබී ඇති සහ තවමත් ලැබෙමින් පවතින පවතින සැලකිය යුතු ඉහල මට්ටමේ වර්ෂාපතනය හේතුවෙන්බුලත්සිංහල,මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට  ඉදිරි පැය 24 ක් දක්වා කාලය තුළ එම ද්‍රෝනිය ආශ්‍රිත සුලු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කුඩා ගඟ තැන්න හා පහත් බිම් මෙන්ම ඒ ආශ්‍රිත අතුරු මාර්ග ගංවතුරෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින හෙයින් ඒ ආශ්‍රිත ජීවත්වන ජනතාව සහ මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහන රියදුරන් මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කුකුලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා  කුඩා ගං දෝනියේ ජල මට්ටම සෙමෙන් ඉහල යමින් පවතින අතර බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දඹල, නාලියද්ද යන ප්‍රදේශ මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින නිසා කුඩා වාහන ගමනාගමනයට බාධාපැමිණ ඇත. එසේම ඉහල වෙල්ගම ප්‍රවේශ මාර්ගයද ජලයෙන් යටවී ඇත.

වර්ෂාව ලැබීමේ වැඩිවීමක් සිදුවුවහොත් ජල මට්ටම ඉහළ යාම සිදුවිය හැකි නිසා පහත්බිම වල වාසය කරන්නන් අවධානයෙන් පසුවන මෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටි.

 



අදහස් (0)

කලුතරට සුළු ගංවතුර අවදානමක්

ඔබේ අදහස් එවන්න

දියත

සිප්
2024 ඔක්තෝබර් මස 08 2 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 91 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 519 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 482 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1356 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7281 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site