IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කලුතර හිටපු සභාපතිට තියුණු අයුද ප්‍රහාරයක්

(සුමිත් පොතුපිටිය)

කඩු පොලු රැගත් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයකු  ඇතුළු පස්දෙනකු තුවාල ලබා ඇති බවට ලද පැමිණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ

මෙසේ තුවාල ලබා ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ තිදෙනකු සහ විත්ති පාර්ශවයේ දෙදෙනකු බවද සදහන් වේ.

තුවාල ලැබූ සිව්දෙනකු රෝහල් ගතකර ඇති බවත් , හිටපු සභාපති වරයා ඇතුළු දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පහරකැමට ලක්වූ හිටපු සභාපතිවරයා ඇතුළු තිදෙනකු ගේ තත්ත්වය බරපතළ බවද සදහන් වේ.

පහරකැමට ලක්වූ හිටපු සභාපති වරයාගේ සොහොයුරියක කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

හිටපු සභාපති වරයාගේ වාද්දුව , මොල්ලිගොඩ පිහිටි නිවසේ දී ආරවුල සිදුව ඇති බවත් , පහරදීමට පැමිණි අයවලුන් දුටුව හොත් හදුනාගත හැකි බවත් පැමිණිලිකාරිය සදහන් කර තිබේ.

පහරදීම සදහා යොදාගත් කඩු දෙකක්ද පොලිසිය  සොයාගෙන ඇති බවත්, පහරදීමට පැමිණි පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් සදහන් වේ.

වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති.

 



අදහස් (2)

කලුතර හිටපු සභාපතිට තියුණු අයුද ප්‍රහාරයක්

ඉන්දික Sunday, 31 December 2023 06:05 AM

කෝ අර දේශබන්දුගේ පොලීසිය. රට වටේම ගාඩ් එක දාගෙන පාතාලේ කුඩ්ඩෝ හොයනවාලු... ඒත් මිනිස්සුන්ව මරනවා හිතේ හැටියට...!

:       0       0

Dasun Priyantha Sunday, 31 December 2023 10:13 AM

මේ සබාපතිට නමක් නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 39 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 743 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 617 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 524 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 723 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site