IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ක්ලාන්තයවූ තරුණිය කොත්මලේ ජලාශයට වැටිලා

( ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට වැටුණු  තරුණියක් තලවකැලේ නගර වැසියන් හා පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන තිබිණි.

ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී  ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින  අයුරු   දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී තිබේ.

නගරය වැසියන් කීපදෙනෙකු  ජලාශයට පැන ඇය අල්ලා ගෙන සිටියදී අනෙකුත් පිරිස ලණු දමා දැඩි අසීරුවෙන් ගොඩට ගෙන ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.

වයස අවුරුදු 24 ක ආගරපතන ප්‍රදේශයේ තරුණියක් මෙසේ ජලාශයට වැටී සිටියදී ගොඩ ගෙන ඇති බවත්, රැකියාවක් නොමැතිව ඒ පිළිබඳව සිත සිතා ජලාශය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදි ක්ලාන්ත ගතියක් ඇති වී ජලාශයට ඇද වැටුණු බව  මෙම තරුණිය ප්‍රකාශ කොට ඇතැයි  පොලීසිය පවසයි.

 



අදහස් (3)

ක්ලාන්තයවූ තරුණිය කොත්මලේ ජලාශයට වැටිලා

බක්මීගොල්ල Friday, 16 February 2024 12:36 PM

සොයුරිය ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා. ඔබගේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා. තලවාකැලේ නගරවැසියන්ට හා උපකාර කළ පොලිස් නිලධාරීන්ට අපගේ ගෞරව ස්තුතිය ජීවිතයක් බේරගැනීමට උපකාර කළාට...!

:       0       23

Pradeep Kumara Friday, 16 February 2024 12:50 PM

අනේ දරුවෝ, ඔය වගේ අනාරක්ෂිත ස්ථාන අසලින් යනකොට කල්පනාවෙන් යන්න. රටේ ජනතාවට තියන ප්‍රශ්නවලට කලන්තේ නොහැදුණොත් තමයි පුදුම වෙන්න ඕනෑ. නමුත් අපි අපේ ජීවිත ගැන ඔයිට වැඩිය හිතන්න ඕනෑනේ...

:       0       16

පිටරටවැසියා Friday, 16 February 2024 12:58 PM

දියවන්නාවේ මැති ඇමැතිවරුත් මේ විදිහටම රැකියාවක් නොමැතිව ක්ලාන්තව වැටෙන දවස ඉතාම ළඟයි.

:       4       24

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 602 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1158 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1723 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 431 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1151 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site