IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි විය.

අධික වර්ෂාව හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සලසා දීම, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම ,ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළු අනෙකුත් අදාළ පියවර ගැනීම,එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොලොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාල අනෙකුත්  ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 



අදහස් (6)

කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය

පුරවැසියා Tuesday, 04 June 2024 09:20 AM

අවුරුදු 75 ක් ම ගියා වැඩේට කැබිනට් අනුමැතිය ගන්න ඒකත් චන්ද ගුණ්ඩුවක්ද දන්නේ නැහැ නේ

:       2       9

රංබොඩ Tuesday, 04 June 2024 09:32 AM

ඡන්ද බලාගෙන වැඩ කරනව වෙන්න පුලුවන් කොලොන්නාව ජනතාව ගෙවල් හදාගෙන ඉන්නෙ වගුරු බිම්වල. ඒවා ගොඩ කළාම වැහි වතුර ගලා යන්න තැනක් නෑ. දේශපාලකයින් නෙවෙයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ විශය දන්න උගතුන්

:       0       7

BuddhikaTuesday, 04 June 2024 10:50 AM

ජනතාව වගුරු බිම් ගොඩකර නිවාස ඉදිකර තියෙනවා ඒවා ඉදිකිරීම් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම අදාල පලාත් පාලන ආයතන අනුමැතිය ගන්න ඕන එම අනුමැතිය දෙනවිට අනාගතය ගැන නොබලා හිතවත් කමට හා සංතෝසම මත කරන අනුමැතිය දීම නිසා මෙහෙම දේවල් වෙනවා විශේෂයෙන් පොතපතින් ලබන දැනුම පපමණක් ඇතුව ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුවක් නැති නිළධාරි නිසාද මෙහෙම වෙනවා විශේෂයෙන් සාර්ථක අධ්‍යාපනයක් නැති අත්දැකීම් නැති දේශපාලුවන්ට ඉහළම තනතුරු දීමත් දේශපාලුවො කොතරම් වැරදි කලත් දඩුවමක් නැතිවීමත් රටේ පරිහානියට හේතුවක් වෙනවා

:       0       1

sam Tuesday, 04 June 2024 09:47 AM

මේවා අහලා පන පලයන් පෙරේදා.චන්දෙට බැහැලාම වැඩ.අනවසර ඉදි කිරීම් අහස උසට ගිහිල්ලා.වෙලවල් , බෝක්කු ,ඇල මාර්ග ගොඩ කරලා බිල්ඩින් හදලා .දැන් ඉතින් ඒවා අයින් කරනවා බොරු.ඔය බොරු දේශපාලන වැඩ සටහනක්.ඕවා කරන්න තිබුනේ මීට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා.දැන් බොහොම පරක්කු වැඩියි

:       0       6

අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 09:55 AM

1994 ඉදලා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා, රටේ අගමැති ලෙස පස්වරක් රට පාලනයට හවුල් වෙලා තියෙනවා. දැන් තමයි මෙයාට කොලොන්නාවේ ගං වතුර පාලනය කරන්න මතක් වෙලා තියෙන්නේ.

:       0       8

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 03:29 PM

අපි දැක්කා මරික්කාර් සර් කිය කිය පස්සෙ යනවා ,පොහොට්ටු සජිත් කට්ටිය එකතුවෙලා, ජවිපෙ එතන නැති එකට දොස් කියනව.වඳුරො කූඩු හදන ජාතියෙ මේ වගේ බඩු එක්ක යන උන්ටයි පිස්සු , චන්දෙ නැත්නම් මොනවහරි බෙදල දීල විසිර යනව. කෙහෙල් ගෙඩියෙ සීල් එක ගහල බෙදූ අයනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 518 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 503 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1495 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1129 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site