(කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ රජයේ ඉඩමකට බලෙන් ඇතුලු වූ කිසියම් පිරිසක් විසින් එහි තිබූ පොල් පැළ සමූහයක් මුලින් උදුරා දමා කපා කොටා විනාශ කොට ඇතැ යි,කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා කල්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
කල්පිටියේ වටිනා පුරා විද්‍යා ස්මාරකයන් වන කුවේණියගේ නැගණියක වූ අල්ලි රාණීයගෙ මාලිගාව හා ඓතිහාසික ගෙන්ගේ ජලාශයට යාබදව මෙම ඉඩම පිහිටා තිබේ.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.පී.ධනන්සූරිය මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශකළේ,කිසියම් පිරිසක් මෙම රජයේ ඉඩම ක්‍රීඩා පිටියක් සදහා තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවයි.
එහෙත් එම ඉඩම කිසිවෙකුට හෝ මෙතෙක් පවරා දී නොමැති බවත්, එවැනි පසු බිමක යම් කිසි පිරිසක් රජයේ ඉඩමේ තිබූ පොල් පැල මෙසේ විනාශ කර තිබීම නිසා පොලිසියේ පැමිණිල්ලක් දැමූ බවද ප්‍රාදේශිය ලේකම්වරයා කීවේය.
අප මේ පිළිබදව කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ එම පැමිණිල්ලට අදාලව විමර්ශණ අරඹා ඇති බව ය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘කල්පිටියේ රජයේ ඉඩමකට ඇතුළු වූ පිරිසක් පොල් පැළ විනාශ කරලා‘
ලුම්බිණි Tuesday, 29 June 2021 10:56 AM
අහන්න ප්‍රදේශයේ දේශපාලකයාගෙන්...
Hafeel Tuesday, 29 June 2021 11:15 AM
දේශපාලන හයියක් නැතුව මේ විනාශය කරන්න බැහැ. සමහරවිට අර ඔක්සිජන් ඇමතිගේ ගෝලයින්ලද දන්නේ නැහැ.
Jonty from Australia Tuesday, 29 June 2021 01:02 PM
මේක කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න.