IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින්  කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620 ක් අඩංගු මිටි 20 ක් සහ කහ කිලෝ 1276 ක් අඩංගු මිටි 40 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී ඇත.

අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින්  ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක  තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට  පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (1)

කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

don Tuesday, 22 October 2024 12:05 PM

පට්ට පොලිස් කාරයෙක් නේ... අවුරුදු 38 ක සේවය කාලයේ මොනවා කරන්න ඇති ද මෙයා

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 4 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 196 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 778 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 590 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site