(බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කල සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු සැකකරුවන් 10දෙනා අගෝස්තු මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබන්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය
ඉකුත් නඩු දිනයේදී අධිකරණය මගින් දැනුම්දුන් පරිදි බස්නාහිර දකුන අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපතිවරයා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙතෙක් විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී
ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය පිළිබඳ සාක්ෂි සටහන් කිරීම එදිනට නියමිතව තිබුණු අතර සැකකරුවන් අතරින් නම වන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලදී
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිය නුවන් ජයවර්ධන මහතා බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් අතුරින් සැකකරුවන් කිහිප දෙනෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බැවින් එම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී
එහිදී ඝාතනයට ලක් වූ වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තුවාල ලබා සිටින මැණික් විජේවර්ධන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා එයට විරෝධය පළ කරමින් විමර්ශන කටයුතු තවමත් අවසන් නොවන බවත් මෙම සැකකරුවන් දම්වැලක පුරුක් ආකාරයට එකකට එකක් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බැවින් එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදි
ඒ අනුව මහෙස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලබ් වසන්ත ඝාතකයන් යළි රිමාන්ඩ්