(කේ බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)
අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අද (23) දින අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇති වෙඩික්කරු බව කියන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ සහ අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය සැකකරු වන වයස අවුරුදු 29 ක් නැමැත්තෙකු ද අත්අඩංගුවට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරුවන් සමඟ ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට