(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා බිය ගන්වා පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි
අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් වන බවත් පොලිසිය සඳහන් කරයි
ඉකුත් හත් වෙනි දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා ව තිබූ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පේරාදෙණිය පිළිමතලාව හා දොම්පේ ප්‍රදේශවල දී ය
එම සැකකරුවන් මීට වසරකට පමණ ඉහතදී පැමිණිලිකාරිය ට අයත් කඩ කඩකාමරයක් කුලී පදනම මත ලබා ගෙන ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත
කොල්ල කන ලද රන් භාණ්ඩ වලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුලියට ගෙයක් ගන්න ගිහින් අයිතිකාරියට පිහි පෙන්වා රන්බඩු කොල්ලකාලා
කිරි පුතා Friday, 30 September 2022 10:56 AM
හොරකම් කරන සහ කරන්න සැලසුම් හදන සියලු දෙනා දැනගත යුතු යථාර්ථය තමයි අන්තිමට ඔවුන්ට ඉතිරි වන්නේ... සිරගෙදර සහ අකුසලය පමණක් වග...
Hafeel Friday, 30 September 2022 04:35 PM
නමුත් ලංකාවේ දේශපාලකයෝ කොච්චර හොරකම් කලත්, කප්පම් ගත්තත්, කොමිස් ගත්තත්, දුෂණ වංචාවලට සම්බන්ද වුනත්, මිනිස් ඝාතන කලත් ඔවුන් හිරේ යන්න නැහැ. ඔවුන් යන්නේ පාර්ලිමේන්තුවට. දන්නව නේ මේතකදී කප්පම් ගත්තු ඇමති කෙනක්ට ලැබුනෙත් අත්හිටු සිර දඬුවම්.