(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර රහසේ රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔවුන් තිදෙනා රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරු මත මෙවැනි නියෝගයක් ලබාගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මෙම තිදෙනා සහ ප්‍රධාන සැකකරුගේ දියණිය ඇතුළු දරු තිදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.
කුලියාපිටිය, ඇඹව දික් ඇල්ලේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි අයෙක් මෙසේ අබිරහස් ලෙස අතුරුදන්ව සිටී.
මොහු විවාහක බිරිඳගෙන් දික්කසාද වී සිඟිති යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාගේ දියණිය සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි අතරවාරයේ ඇය ගැබ් ගෙන ඇතැයි ද ඒ බව දැනගත් සිඟිති නමැත්තා දෙදෙනා විවාහ කර විදෙස් ගත කිරීමට සැලසුම් කර තිබී ඇති බවද පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව
Hemantha Friday, 03 May 2024 06:44 AM
සිඟිති සිඟිති වැඩ මේවා