IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කුලියාපිටියේ බුදුපිළිම කැඩු ඉන්දියානුවා හදිසියේ මියයයි

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි වාරියපොළ රෝහලේ ප්‍රකාශයෙක් පැවසීය.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී අද (5) රාත්‍රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවරිදි පුද්ගලයෙකි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්‍ෂණය සහ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්‍ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියා පැවසීය.

 



අදහස් (6)

කුලියාපිටියේ බුදුපිළිම කැඩු ඉන්දියානුවා හදිසියේ මියයයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 April 2021 02:47 AM

ඔන්න ... දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදුන් අවස්ථාවක්.. කොයි ආගමට අයත් වුණත්,වඳින පුදන පිළිමෙකට බලයක් තිබෙනවා.අද උගත් යැයි සම්මත සමහර භවුතික වාදීන් සුන්දන් මෙන් පර්යේෂණ කොට යමක් පවසන්නේ නැහැ.කිසිදු පර්යේෂණ ක්‍රියාවක් සිදුනොකොට නොපෙනෙන දේ බොරු යැයි හිතළු කියනවා.තවත් කලක් යනවිට ඔවුන් වැරදි බව බටහිර විද්වතුන් සොයාගත් විට පෙර අදහස් ඉවතදා,බටහිර ගැතිකම නිසා රැල්ලට මහා ඉහළින් සත්‍ය පිළිගන්නවා.බටහිර මතය එනතුරු සත්‍යයට අවමන් කරනවා.මේවා ගැන හරිහැටි කරුණු කාරණා නොදන්නා කොළු කුරුට්ටන් ඒවාට හුරේ දානවා.මේ පිළිම කඩන අමන නරි මෝඩයන් මින්පසු හෝ සත්‍ය තේරුම්ගත යුතුයි.

:       9       23

damith Tuesday, 06 April 2021 04:47 AM

කාගේ හරි කොන්ත්‍රාතුවක් කරලා වගේ.

:       5       17

ThinethTuesday, 06 April 2021 07:29 AM

අපේ පැත්තේ ඉස්කෝලෙක පිළිමයක් කැඩූ එකෙක් ජීවත් වුනේ මාස 3යි. කවුරුවත් කොන්තරාත් දුන්නේ නෑ. ඒ මෝඩ පුද්ගලයාට මුකුත් කරන්න කියලා. ඒ මනුස්සයා බුදු පිළිමය කඩා තිබුණේ ශීර්ෂයට පහරක් එල්ල කරලා. ඔහු කොස් ගසකින් වැටී බිමට ඇද වැටෙද්දී ඔලුව ගලක වැදී තිබුනේ හරියටම ඒ වගේමයි. වෙන කතා ඕනේ නෑ, පිළිමවල ශීර්ෂ කැඩූ සහරාන් කල්ලියේම ඔලු ගලවා ගත්තේ ඔවුන්මයි නේද? අප අතරින් වියෝ වුණු සමාජ විද්‍යාව පිළිබඳ කතිකාචාර්ය මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා ඔය කර්ම විපාක පිලිබඳ වසර ගණනාවක් පර්යේශන කරලා කෘතියක් කරා. හොයාගෙන කියවලා බලන්න.

:       3       12

fairoos Tuesday, 06 April 2021 08:01 AM

හොඳ වෙලාවට නම දිලීප් කුමාර්. නැතිනම් ඊළඟ ඡන්දයට ඕකත් හොඳ තුරුම්බුවක් වෙන්න තිබ්බා.

:       1       5

GAYANA BUDDIKA Tuesday, 06 April 2021 10:21 AM

මේක කාගේ හරි කොන්ත්‍රාතුවක්. වැඩේ ගැස්සිලා මහ උන් අහුවෙන නිසා මෙයාට ගේම ගැහැව්වා. ඕක තමයි කියන්නේ අනුන්ගේ පව් ගෙවනවා කියලා.

:       2       7

වරුනි Friday, 09 April 2021 06:07 PM

පාස්කු ප්‍රහාරයට මහා මොළ කරුවෙක් සොයමින් පිරික්සන මේ සමයේ මෙයාව දාලා ආණ්ඩුව වගකීමෙන් මිදෙයිද, ඇයි මැරිච්ච මිනිස්සුන්ට කථා කරන්න බැහැනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 152 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 147 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 15 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 658 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 372 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 175 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site