IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොල්ලුපිටි‍යේ කොල්ලය වැරදෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හංදියේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු ඒ මොහොතේම අද (11) මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

රන් තැල්ලක්, අත් පළඳනාවක් හා කාන්තා රන් මුදුවක් සැකකරු කොල්ල කෑ භාණ්ඩ අතර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින සැකකාර පුද්ගලයා සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මිතුරන් මාර්ගයෙන් අන්තර්ජාලය ඔස්සේ කැසිනෝ ක්‍රීඩාවට තදින්ම ඇබ්බැහි වූ අයකු බව පොලිසිය කියයි.

අද පෙරවරුවේ ඔහු විසින් රුපියල් දෙලක්ෂ විසි දහසකට උගස් තබන ලද රන් භාණ්ඩ පැය කීපයක් ගතවෙද්දී බේරා ගැනීමේ මුවාවෙන් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

රන් භාණ්ඩ කොල්ලකා මුහුදු මාවත ඔස්සේ පුද්ගලයකු පලා යන බවට කොල්ලුපිටිය   පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා ඒ බව රථවාහන අංශයේ යතුරුපැදි සංචාරයේ නිරත නිලධාරීන්ට දැනුම් දීමත් සමඟම ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන කල්මුණේ ස්ථිර පදිංචිකරුවෙකි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබූවේ පොලිස් කොස්තාපල්වරුන් වන (83997) චානක හා 42002 දිසානායක යන නිලධාරීන් දෙදෙනාය.



අදහස් (0)

කොල්ලුපිටි‍යේ කොල්ලය වැරදෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 213 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 71 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 146 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 272 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 475 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 81 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 10 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site