IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා

(ඉන්දිකා  රාමනායක)

කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව  මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය  (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු   එදිනම  ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව   තොරතුරු අනාවරණය වේ.

මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය  එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක  ගුවන්තොටින්   ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු (26) හැවිරිදි   පුද්ගලයකු වන අතර  ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත්  දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර  මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන්  පිරිසකට මේ අයුරින්  මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය  කර  තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී   ඉකුත් (10) දින  පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව   මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි  පුද්ගලයකු බවද පොලිසිය පවසයි.‍

රටින් පලා ගොස් සිටින  රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ  වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.

සිද්ධිය  සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග  ලබාගෙන  ජාත්‍යන්තර පොලිසිය  හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට  කටයුතු කරන බවයි.



අදහස් (11)

කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා

විපරමා Monday, 12 December 2022 06:24 PM

කොහොමද මිනිහාගේ ටිකිරි මොලේ?

:       1       17

sarath Monday, 12 December 2022 06:45 PM

දැන් ඉතින් අල්ලයි මිනිහගේ වලිගේ...

:       0       16

chinthaka Monday, 12 December 2022 07:10 PM

ඔය මුදලාලිව ලංකාවේදී අහුවුණොත් ඒ එයාගේ අවසානය. මහපාරේදීම වාහනයකට යට කරලා එයාව අපායටම යවනවා. කෝ දැන් එයාගේ කුඩු ගහපු සුරුපිකාවන්? අර මිනිස්සු ඒ අයට ගහලා කළේ ලොකු වරදක්ලු..? ඇත්ත. ඒකිළාව වාහනයටම දමලා ගිනි තියන්නයි තිබුණේ. මිනිමරුවාටත්, ඔය කුඩු කාරියන්ටත් සපෝට් එකට කොමෙන්ට්ස් දැම්මේ මිනිමරුවාගේම කට්ටියක්...

:       8       16

fairoos Monday, 12 December 2022 07:23 PM

දේපළ රාජසන්තක කරලා මිනිහාට ඩුබායිවලින්ම නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි. කාලකණ්ණි.

:       0       16

Sk Monday, 12 December 2022 07:29 PM

අන්තිමට අහිංසක මිනිහෙක් මැරුණා.. සල්ලි හින්දා බේරුණා. ඔන්න ලංකාවේ තත්වය.

:       0       12

ranjithMonday, 12 December 2022 08:00 PM

මමත් ඔබ සමග එකඟයි. ශ්‍රී ලංකාව කියන්නේ මෝඩ ගෝතයින් වැඩි ප්‍රමාණයක් සිටින, හොරු රැසක් පාලනය කරන , පොලිසියක් කියලා දෙයක් තිබුණත් පාලක හොරුන්ගේ අවශ්‍යතාවයන් අනුව අහිංසකයින් තලා, පෙලා මරනවා හැරෙන්නට නීතියට අනුව රාජකාරි නොකරන, කුඩු මුදලාලිලාට, මිනී මරුවන්ට, හොරුන්ට විවෘතවුණු කුඩා දූපතකි. මේ දූපතේ සිටින මෝඩ ගෝත බයියන් පාතාලයට පුදුම බියක් දක්වන්නේ. අපි දැක්කා මේ වාහනයේ ආපු කුඩු ගහලා හිටපු ගැහැණියට පහර දුන්නයි කියලා එයාට සපෝට් එකට කොමෙන්ට්ස් දාපු බයියෝ රැලක්. ඒ මෝඩයින් දැනගත යුතුයි.. රටේ නීතියක් නැති කළ රටේ ජනතාව නීතිය අතට ගන්නා බව...

:       0       9

මහසෙන් Monday, 12 December 2022 07:59 PM

පරීක්ෂා කිරිමේ තරමයි. නීතිය ක්‍රියාත්මක වීමේ වේගෙයි පේනවා... මිනිහා පැනලා ගිහින් තියෙන වේගේ බැලුවාම. අර අහිංසක මනුෂ්‍ය ජීවිතය නැති කරන්න ආපු වේගෙටත් වඩා වැඩි වේගෙන් රටෙන් පැනලා තියෙන්නේ. ව්‍යාපාරිකයෙක්නේ. දැන් ඉතින් අර ඉදලෙන් ගහපු ගෑණු කෙනයි, අනිත් ගෑණු කෙනයි වහාම හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       7

බද්රානි Monday, 12 December 2022 08:10 PM

මේ අදාළ පුද්ගලයා රටින් පැනගන්න තුරු, ශ්‍රී ලංකා පොලිසිය පොල් ගෑවාද? සමහරවිට ඕක සමාජය නොමග යවන අමූලික බොරුවක් වෙන්න ඇති... ඒ පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම පොලිසියේ වගකීමක්... නමුත් මේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට වන්දි ගෙවිය යුත්තේ මේ වාහනය රක්ෂණය කොට ඇති රක්ෂණ සමාගමයි. අදාළ රක්ෂණ සමාගමට මේ ගැන ඇති නෛතික වගකීම ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

:       1       6

සෙනෙවිරත්න Monday, 12 December 2022 08:46 PM

අර ගුටිකාපු ගෑනු කෙනා රටේ නමගිය මාධ්‍ය ආයතනයක නෝනා කෙනෙක්, මෙයාලගෙන් තමයි රටම නිවුස් බලන්නේ...!

:       0       12

kapilaMonday, 12 December 2022 10:36 PM

අර "පොළව" කියන මාධ්‍ය ආයතනය නේද?

:       0       0

නිහාල් Monday, 12 December 2022 11:00 PM

ඔහේලත් පුදුම මාධ්‍ය තමයි. මැරුණු කෙනාගේ නම, ගම, වයස, ගෙදර බල්ලගේ නම පවා දානවා. බීමතින් රිය පැදෙව්ව මාධ්‍ය නෝනාගේ, ව්‍යාපාරිකයාගේ නම දන්නේ නෑ. දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළොත් සතියක් තිස්සේ කාපු බීපු දේවල් පවා දානවා. පුදුම ලියන අප්පුලා තමයි ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1608 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3451 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 927 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2456 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1304 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6617 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 403 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site