(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යක්කල මහවිට අවන්හලක් ඉදිරිපිට සුප් පානය කරමින් සිටි තරුණ යුවකළට කඩු පහරදී ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගත් බව කියන අපරාධ කල්ලි සාමාජිකයකු ඇතුළු අට දෙනකු සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුලත බටලීය මක්කඩිගොඩ ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය කියයි.
වීරගුල, බෙම්මුල්ල හා පල්ලෙවෙල ඒකාබද්ධ පොලිස් කණ්ඩායම් සිදු කළ ක්ෂිණික මෙහෙයුමකදී මෙම පිරිස අත්අංගුවට ගෙන ඇත.
වාහන කොල්ලයට පැමිණි සැකකරුවන් ගමන් ගත් නවීන පන්නයේ වෑන් රථයක් සහ කොල්ලය මෙහෙයවූ බව කියන අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය .
කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිව සිටින ව්‍යාපාරික යුවළක් මහවිට ප්‍රදේශයේ සුප් වෙළඳසලක් අසල මෝටර් රිය නවතා සුප් පානය කිරීමට සූදානම් වී ඇතැයි ද ඒ අවස්ථාවේ දී වෑන් රථයක් ඉදිරියෙන් නතර කර කර ඉන් බැස පැමිණි තිදෙනකු මෙම යුවළට කඩුවකින් සහ කිණිස්සකින් පහර දී බිය ගන්වා මෝටර් රථය පැහැරගෙන ගොස් ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
සැකකරුවන් රියදුරාගේ බිරිඳ සතුව තිබූ ජංගම දුරකථනය ද පොළොවේ ගසා පොඩි කර දමා ඇතැයි ද ඔවුන් එසේ කරන්නට ඇත්තේ වාහනයේ ජී.පී.එස්. තාක්ෂණය සම්බන්ධතා එම දුරකථනයට තිබූ නිසා විය හැකි යැයි ද පොලිසිය සැක කරයි .
කෙසේ වෙතත් තරුණයා වෙනත් දුරකථනයකටද ජී.පී .එස්. සම්බන්ධතා ලබාදී ඇති අතර ඔවුන් ඒ අනුසාරයෙන් පොලිසියටද දැනුම් දී පොලිස් කණ්ඩායම් සමඟ වාහනය තිබෙන ඉසව්ව කරා ගමන් කර ඇත
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොල්ලය වැරදේ අටක් ඇතුලේ