(අජිත්ලාල් ශාන්තඋදය)
දින දෙකක් වසා දැමුණු කලවා, මානන නගරයේ වෙළඳසැල් සුපුරුදු පරිදි මහජනයා සඳහා අද (17) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
කලවාන, හඟරංගල පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කළ යුද හමුදාවේ නිලධාරියෙක් කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවීම කඩසාප්පු වසා දැමීමට හේතු විය.
එම නිලධාරියා සිය ගම වු හඟරංගලට පැමිණ, පසුව ආපසු කැඳවාගෙන ගොස් පී සී ආර් පරීක්ෂණයකින් පසු ඔහුට කොරෝනා ආසාදිත බව තහවුරුවී තිබුණි.
පසුව ඔහුගේ පවුලේ අය සහ සමීපව ඇසුරු කළ අය නිරෝධායනට යොමු කර තිබිණි. නිවාඩුවට ආ හමුදා සෙබළා කලවාන, මානන නගරයේ මුල්‍ය ආයතනයක් ඇතුලු ස්ථාන ගණනාවකට ගිය බවට තොරතුරු අනාවරණය විමත් සමඟ ව්‍යාපාරිකයන් විසින් ඉකුත් 14 වැනිදා වෙළඳසල් ස්වේච්ඡාවෙන්ම වසා දමනු ලැබීය.
වසා දැමුණු වෙළඳසැල් වලින් කිහිපයක් පමණක් ඊයේ (16) විවෘත කරනු ලැබූ අතර අද (17) වනවිට සියල්ලම පාහේ විවෘත කර ඇත.
කලවාන, මානාන නගරයේ වෙළඳසැල් වසා දැමීමට තමන් කිසිඳු අවස්ථාවක නියම නොකළ බව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීහූ අවධාරණය කළහ.
නිරෝධායනයට ලක්කළ යුතු ස්ථාන වලට පමණක ඔවුන් සීමාමායිම් පැනවුවත් කලවාන, මානාන නගරයේ සෙසු වෙළඳසැල් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පවත්වාගෙන යාමට අවස්ථාව දී තිබු බවද පැවසීය.
කඩසාප්පු විවෘත කිරීමත් සමඟ අවට ගම්වල ජනතාව සිය අවශ්‍යතා මිලදී ගැනීමට 17දා කලවාන මානාන නගරයට පැමිණ සිටියහ.
කලාවන නගරය හඳුන්වන්නේ මානාන නමිනි.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලවානේ කඩ සාප්පු විවෘත කරයි