IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්

(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද(06) සොයා ගනු ලැබීය.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණි.

කලාවැව ජාතික උද්‍යානයට අයත් බලලුවැව ඉස්මත්තේ ගල්ගොඩවල ප්‍රදේශයේ ඇල මාර්ගයක පාවෙමින් තිබීය දී එම මළ සිරුර සොයා ගෙන තිබිණි.

සොයාගෙන ඇති මළ සිරුර නරක් වූ ස්වභාවයෙන් පැවැති අතර මළ සිරුරෙහි අත් දෙක හා එක් පාදයක කොටසක් දක්නට නොමැති අතර ඒවා කඹරයන් විසින් කා දමා ඇති බවට පොලිසිය අනුමාන කරයි.

මිය ගිය පුද්ගලයාගේ නමක් ගමක් වයසක් ඇතුළු අනන්‍යතාවයක් මෙතෙක් හෙළීව නොමැති අතර එය ස්වභාවික මරණයක් ද නැති නම් ඝාතනයක් ද යන්න ද මෙතෙක් නිශ්චිතව අණාවරණය කරගෙන නැත.

එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මගින් අද (06) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත් වූ අතර, එහිදී කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම්. කරුණාරත්න මහත්මිය ඉදිරියේ මළ සිරුර ඇලෙන් ගොඩ ගනු ලැබිණ.

ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ කැකිරාව මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිසියට ලබා දුන් නියෝගයකට අනුව  එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් අද (06) පස්වරුවේ කටයුතු කරනු ලැබීය.

කොට්ඨාස භාර පොලිස් අධීකාරී තිළීන හේවාපතිරණ මහතා ඇතුළු අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කන්ඩායමක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ එම වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.  



අදහස් (1)

කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්

nandaana kumaara Sunday, 07 July 2024 07:56 AM

නිධානය ගන්න බිලි දුන්න කෙනෙක්ද කොහෙද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ධම්මික කුමාර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 906 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 7267 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 468 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1743 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3372 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 130 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39027 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25550 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1063 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site