IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කලා විෂය හදාරන අයටත් විද්‍යා උපාධියක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  සුරේන් රාඝවන් මහතා  පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය  63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කීය.

 



අදහස් (12)

කලා විෂය හදාරන අයටත් විද්‍යා උපාධියක්

Perera Friday, 08 September 2023 08:37 PM

රටේ දොස්තරලාත් නැති එකේ කාලා විද්‍යා උපාධිය, කලා වෛද්‍ය විද්‍යා උපාධියක්ම කළා නම් ....

:       9       21

වටලප්පං Friday, 08 September 2023 08:40 PM

විද්‍යා විෂය හදාරන අයට කලා උපාධියක් ලබා ගන්නත් පුළුවන් වේවි නේද සර්...?

:       8       23

Bamunuarachchi Friday, 08 September 2023 11:06 PM

මේ ගොයියා හදන්නේ විද්‍යා උපාධියට තිබෙන ස්ථානයත් නැතිකරන්න. ඔය කියන්නේ ඉතිහාසය විෂයට උපාධිය තිබෙන කෙනාට Bsc උපාධිය දෙන්නද? අර එක ඇමතියෙක් කතා වුණා නේද ගණිතය සමත් වීම නිවාර්‍ය නොකරන්න? ගණිතය බැරි හාදයෝ තමයි කළා විෂයන් පැත්තට දුවන්නේ. ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරුකරන හාදයෝ.

:       5       4

රාජේශ් ඛන්නා Saturday, 09 September 2023 02:22 AM

පළමු පන්තියේ රටවල ප්‍රථම උපාධියෙන් පසු තමන්ට අවශ්‍ය ඕනෑම උපාධියක් හැදෑරීමේ මාර්ග විවෘත ව ඇත. ප්‍රථම උපාධිය ඇතිව ආර්ථික අපහසුකම් නිසා බස් ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර රැකියාවක් කර පසු කලෙක දොස්තර උපාධියක් හැදෑරීමට ද බාධා නැත. කරුණු නොදැන ළිං මැඩියන් සේ හැමදේටම බක බක ගෑමට ඇති නිදහස ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.

:       1       4

Abaran Saturday, 09 September 2023 03:02 AM

උපාධිය ශාස්ත්‍රවේදීද, විද්‍යාවේදීද කියන එක නෙවෙයි ප්‍රශ්නේ... උපාධියට හදාරපු විෂයන් මොනවද කියන එකයි රැකියා වෙළඳපොළේදී සලකා බලන්නේ. තවම හණමිටි හා හීනමානය කරතියාගෙන යනවා. දියුණු රටවල පාසලේදිවත් විද්‍යා, කළා, වාණිජ යනාදී වශයෙන් අපේ රටේ වගේ සිසුන් බෙදා වෙන්කරන්නේ නැහැ. අපි ඉතින් හැමදාම කටින් බතලකොළ හිටවමින් යනවා. වැඩිය දඟලන්න ඕන නැහැ. අවංකවම කළා සිසුන්ට යහපතක් කරන්න වුවමනා නම් ඔවුන්ට උසස්පෙළ පන්තියේදී අවම වශයෙන් ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ගණිතය, සංඛ්‍යානය, ජපන් බස, ප්‍රංශ බස වැනි විෂයයන්ගෙන් දෙකක්වත් හැදෑරීම අනිවාර්ය කරන්න. ප්‍රශ්නයට හොඳ විසඳුමක් කෙටි කලකින් ලැබේවි. කණගාටුවට කරුණ නම් වි වි ප්‍ර කොමිසමයි,... ටියුෂන් ඔස්තාර්ලයි මේවාට ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් හදපල්ලකෝ දියුණු රටවල වගේ විෂය සංයෝජන ක්‍රම අපේ රටේත්....

:       0       6

saman Saturday, 09 September 2023 04:25 AM

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ "අවධානය යොමු කළහැකි වුවත්" එසේ කරන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න..

:       0       3

Kalagune Saturday, 09 September 2023 05:04 AM

අපේ රටේ කෙරෙන තවත් ලෝක විහිළුවක් තමයි කාලෙන් කාලෙට එන අධ්‍යාපන ප්‍රතිසංස්කරන... නමුත් එන්න එන්නම අධ්‍යාපනයට ගියේ වලපල්ලට... චන්ද්‍රිකාගේ අධ්‍යාපන සංස්කරණය ගෙනෙන වෙලේ කිවේ දැන් ඉතින් අපේ අධ්‍යාපනය ඇමරිකාවේ එහෙම නැත්නම් එංගලන්තේ අධ්‍යාපනය වගෙයි කියලා. එහි ප්‍රධානියා වුනු ලක්ෂ්මන් කීවේ ඒ මගින් සරසවි නොයන පිරිසට සෙත සලසන බවයි. නමුත් අන්තිමට ඔය එකම ප්‍රතිඵලය උසස්පෙළ සිසුන්ට විෂන් 4 වෙනුවට 3 ක් කරන්න අවස්ථාව විතරයි. මේකත් එහෙම විකාරයක් නොවෙයි කියල කාටද කියන්න පුළුවන්...?

:       4       4

C.K.Lankaputhra Saturday, 09 September 2023 05:26 AM

එහෙම නම් කලා උපාධියකට නාකි වෙන්නේ නැතුව කෙලින්ම විද්‍යා උපාධියකට එක වරම ඔට්ටු වෙන්න පුළුවන්නේ... ඔය මැජික් පෙන්නලා නම් ඡන්දෙ ගන්න පුළුවන් කියලාද ලොක්කා හිතන්නේ... සර්ට වැරැදිලා.

:       5       1

ලුම්බිණි Saturday, 09 September 2023 06:45 AM

පිස්සු නැත්නම් ෂෝක්...

:       4       2

Bunny Preena Saturday, 09 September 2023 10:11 AM

ඇමෙරිකාව වගේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රම ආදර්ශයට අරගෙන ජාත්‍යන්තරය ඉහළින් පිළිගන්නා විදිහට අපගේ උපාධිවල වටිනාකම තවත් වැඩි කරනවා නම් හොඳයි.

:       4       6

Nimal Saturday, 09 September 2023 01:06 PM

ඒකට කියන්න පුළුවන් ‘‘විකාල‘‘ උපාධිය කියලා...

:       3       2

සල්ලි Sunday, 10 September 2023 09:55 AM

ඔයාලා වගේ පාර්ලිමේන්තු ගොන්නු ඉන්නකල් අහවල් ස්ථාවර රටක්ද බන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 312 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 140 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 154 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 3246 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 897 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1138 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 293 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site