( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19 )උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
ඔවුන් අද උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මොවුන් අතර පිරිමි 03 දෙනෙකු සහ ගෘහ සේවිකාවන් 28 දෙනෙකු සිටියහ .
මීට අමතරව ඉකුත් 12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර , ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු සිටියහ .
ඒ අනුව මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , වීසා නොමැතිව එරට රැදී සිටි , එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබුණි . ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය , කුරුණෑගල , ගාල්ල , මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ .
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් මෙරටට