IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුවෙට් සංගීතයේදී අත්අඩංගුවට ගත් ලාංකික පිරිසට නිදහස

 

(විමුක්ති එස් රුද්‍රිගු)

කුවේට් පොලිසිය විසින් "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී පසුගිය 2 වැනිදා අත් අඩංගුවට ගනු ලැබූ ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කරගැනීමට හැකිවූ බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.

කුවේට්හිදී පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා එරට බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොතිබීම  හේතුවෙන් එයට සහභාගීවූ ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු කුවේට් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ බව කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කුවේට් පොලිසිය එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ එයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට කුවේටය බලා පැමිණි  කලාකරුවන්ද සිටි බව කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ තානාපති කාර්යාල නිලධාරීන් කුවේට් පොලිසිය වෙත ගොස් ශ්‍රී ලාංකිකයන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනාගෙන් 24 දෙනකු ඊයේ(03) නිදහස් කර ගැනීමට හැකිවූ බවත් කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයන් දෙදෙනකු කුවේට් පොලිස් අත් අඩංගුවේ පසුවන බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුවන බවත් කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.

"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබිණි.



අදහස් (3)

කුවෙට් සංගීතයේදී අත්අඩංගුවට ගත් ලාංකික පිරිසට නිදහස

Jaya Sunday, 04 August 2024 12:31 PM

අනිවාර්යෙන් ලංකාවේම වෙන විරුද්ධ සෙට් එකක් කුවේට් පොලිසියට ඔත්තුවක් දීලා ඇති.. ඔයිට කලිනුත් ඔය වගේ සීන් එකක් කුවේට්වල සිද්ද වුණා වගේ මතකයක් තියෙනවා... එතෙර අපි සංවිධායකයෝ දැනගන්න ඕනෑ එහෙම දෙයක් කරනකොට තිතට ප්ලෑන් කරලා අවසර අරගෙන කරන්න.. ඔන්ලයින් ජනාධිපතිවරණ චූන් එකේ ඕවර් කන්ෆිඩන්ට් වෙලා නිකම්ම නිකන් සංදර්ශනයක් කරන්න බලන්න ඇති...

:       2       24

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 04 August 2024 04:56 PM

බයිලා කියලා වැඩක් නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ගජමිතුරන්ට ඕනෑ විදියට නීතිය නවන්න දෙන එක. අපි නෙමෙයි කියන්නෙ කයියනායක ඇඟිල්ල දික් කරලා ඇහැ ලොකු කරලා කියන්නේ...

:       7       10

දාස Monday, 05 August 2024 11:54 AM

බයිලා වැඩක් නැහැ. සංස්කෘතික අරමුදලේ සල්ලි වලට වුනේ මොකක්ද කියලා හොයන්න...! 

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 723 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3408 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1167 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2224 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30683 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site