IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාවත් එක්වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද ස්ථාන දෙකකදී එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

ඒ අනුව නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී අද (5) සිට “සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් ද බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීම සිදුකෙරෙන අතර ඒ අනුව නාවික හමුදාව ද එයට දායක වී ඇත.

බස්නාහිර පළාත තුළ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම මෙම ස්ථානවලදී සිදු කෙරේ.

මෙම එන්නත්කරණ වැඩසටහන අද සිට ඉදිරියට උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ දිනපතා පැවැත්වේ.

එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ද නාවික හමුදාව කියයි.



අදහස් (5)

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාවත් එක්වෙයි

කිරි පුතා Monday, 05 July 2021 01:10 PM

අවස්ථාවාදී, ආත්මාර්ථකාමී මිනිසුන් රට බැරෑරුම් අවධියක සිටියදී වල ඉහගන්න දඟළන වේලාවක ත්‍රිවිධ හමුදාව කරන මේ මෙහෙය ඉතා අගය කළ යුතුයි.

:       133       152

බද්රානි Monday, 05 July 2021 01:27 PM

වෙනත් රටවල නම් එන්නත්කරණය සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඒ දැනුමක් ඇති පිරිසක්... එ්ත්, ලංකාවේ හමුදා කාරයින් ඒ සඳහා යොදාගෙන. තව ටික කාලෙකින් ශල්‍යකර්මත් කරන්න පටන් ගනීවි මේ හමුදා කාරයින්...

:       514       164

කිරිපුතාMonday, 05 July 2021 02:50 PM

ගෞරවනීය ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකායන් සිටින වග දේශපාලන පාඨවලින් අන්ධ වූ කළ නොදැකීම කණගාටුවට කරුණකි. කරුණාකර දැනුමෙන් පෝෂණය වන්න.

:       0       73

බද්රානිMonday, 05 July 2021 04:01 PM

කිරිපුතා, ඔය කියන ගෞරවනීය ත්‍රිවිධ හමුදා වෛද්‍ය අංශයේ වගකීම විය යුත්තේ ඒ හමුදා අංශවල සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ වෛද්‍ය සේවය ලබාදීමයි. සිවිල් වැසියන් වෙනුවෙන් සේවය කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඕනෑතරම් සුදුසුකම් ලද පිරිස් සිටිනවා. මොනා හරි දේක ක්‍රමවත්, විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතිව තමන්ගේ රාජකාරිය පසෙකලා අනුන්ගේ රාජකාරිය කරන්න යාමෙන් සිදුවෙන්නේ ඒ ගැන නිසි වගකීමක් කිසිවෙකු නොදරන තත්වයකට පත්වීමයි. කොහොමත් ඉතින් කැඳ හැලි සහ අච්චාරු පුතාලට සාමාන්‍ය දේවල්නේ?

:       109       26

jayasekara Monday, 05 July 2021 04:25 PM

භද්‍රානිට, ඉස්සෙල්ලා කතාකරන විදිහ උගන්නමු. ඊට පස්සේ මේකට එයා දන්න අය දාගමු. එතකොට හරි. හැබැයි වර්ජනයක් ආවොත් ඉවරයි ඉල්ලීම් ඉල්ලගෙන.

:       20       8

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 374 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1466 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1167 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 435 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1137 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 433 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site