IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොවිඩ් දැඩි අවදානමක් :‍සෞඛයෙන් තද නීති

(රන්ජන් කස්තුරි)

අලුත් අවුරුදු උත්සව කාලයේ දී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිරයාමේ දැඩි අවදානමක් හට ගැනීම නිසා දැඩි තීන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේය.

ඒ අනුව දිනකට අවම වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ 15000ක් බැගින් සිදු කිරීම, නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම හා නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීම සහ විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා විශේෂිත නිරෝධායන නීති අලුතින් සකස් කිරීම ඇතුළු දැඩි පියවර 8ක් වහා ම ක්‍රියාත්මක කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා ය.

රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, රෝගීන්ට අවශ්‍ය හයිෆ්ලෝ ඔක්සිජන් ලබා දීම , දත්ත රැස් කිරීමේ ක්‍රම වේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන් හෙදියන් ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය ඒ ඇමතිනිය කීවාය.

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝග තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරිම ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම රට පුරා අලුතින් තවත් රෝහල් හඳුනාගැනීම හා ඒවාට අවශ්‍ය වෛද්‍ය සුදුසුකම් සැපයීමට කඩිනම් පියවර ගන්නා බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

 



අදහස් (6)

කොවිඩ් දැඩි අවදානමක් :‍සෞඛයෙන් තද නීති

mihira Wednesday, 21 April 2021 01:44 PM

විදේශ වලින් පැමිණෙන අයගෙන් ගසාකන විදිහක් අනිවාර්යයෙන් හදයි... ආයෙ දෙකක් නෑ.

:       0       3

senaThursday, 22 April 2021 09:03 AM

හරියටම හරි.. ඔය ලෑස්ති වෙන්නේ ‘‘රට විරුවෝ‘‘ සූරාකන්න. කෝවිඩ් ගැන ආණ්ඩුවට ඇත්තටම වුවමනාවක් තිබුණා නම් අවුරුදු කාලේ ඇඳිරි නීතිය දාන්න තිබුණා.

:       0       2

Tharindu Perera Wednesday, 21 April 2021 02:11 PM

ජවිපෙ මැයි දිනය සමරනවා කිව්වා විතරයි... ආණ්ඩුව රත් වෙච්ච පාර දැන් කොරෝනා පෙන්නලා වැඩේ අල කරන්න හදනවා. බලමුකෝ කවුද අන්තිමේදී ඔක්කොම අල කරගන්නේ කියලා...

:       4       5

Kumara Samantha Thursday, 22 April 2021 05:44 AM

මෙයාලට විදෙස් රටවලින් එන අය තමා ලොකුම ප්‍රශ්නය..., බෙහෙත් මාත්‍රා දෙක අරන් සති දෙකකින් පස්සේ එන්න කලින් PCR එකක් කරලා ලංකාවට අාවාම නැවත PCR එකක් කරලා නෙගටිව් නම් තවත් අලුත් නීති ඇයි..? අප මෙම රටවල් වල සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කරනවා රස්සාවල් කරනවා. අවුරුදු ගාණකින් නිවාඩුවට තමන්ගේ පවුලේ අය ළඟට එන්න ගියාම හැම අතින්ම හිර කරනවා. ආයතන වලින් දීර්ඝ නිවාඩු ලැබෙන්නේ නැහැ. එහෙමනම් රැකියාවලින් ඉවත් වෙලා එන්න ඕනෑ..

:       0       43

kapila Thursday, 22 April 2021 06:11 AM

අවුරුදු කාලේ මහජනයාට ඕනෑවට වඩා නිදහස දුන්නා. රෙදි කඩවල් වල ෆිට් ඔන් කරන්න දුන්නා. රෙදි ගන්න පොරකෑවා. මාධ්‍ය වලින් සංවිධානය කරපු අවුරුදු උත්සව වලදී කිසි නෙනෙක් අදාළ නීති අනුගමනය කලේ නෑ. දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. පාලකයින් දැනගන්න ඕනෑ මේ රටේ මහජනයා ඉල්ලීම් කළාට අහන්නේ නෑ. තද නීති දැම්මා නම් මේක වළක්වා ගන්න තිබුණා. අනිල් ජාසිංහ මහත්තයා නැති එකේ පාඩුව දැන්වත් තේරුණොත් හොඳයි.

:       0       6

fairoos Thursday, 22 April 2021 07:30 AM

මෙයා තව ඉන්නවනේ ලැජ්ජ නැතිව... හරීන් නම් ඉල්ලා අස්වෙන්න ඕනේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 8 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1045 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 830 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 145 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 2559 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1243 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site